
රජයේ සේවකයින්ට රට තුළම පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වීම සඳහා වසර පහක් නිවාඩු ලබා දීමට ඇති හැකියාව සොයා බැලීමට සත් පුද්ගල කමිටුවක් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් වරයා විසින් පත්කර තිබේ.
මෙම කමිටු වාර්තාව සති දෙකකින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට පියවර ගන්නා බව ද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරයි.
මෙහිදී රජයේ සේවකයෙකුට තමන් දැනට බැඳී ඇති රාජ්‍ය සේවයෙන් වසර 5 ක වැටුප් රහිත නිවාඩුවක් ලබාගත හැකි අතර වසර 5 අවසානයේ නැවත තමන් දරමින් සිටි රැකියාවේ අදාළ ශ්‍රේණියටම අනුයුක්ත විය හැකිය.
කිසියම් අයෙකුට තමන්ගේ දක්ෂතාව මත වැඩිපුර ඉපැයීමට පුද්ගලික රැකියාවක් අත්හදාබැලීමට මෙය අවස්ථාවක් කරගත හැකි අතර එම රැකියාව දිගටම කරගෙන යන්නේ නම් රජයේ සේවයෙන් විධිමත්ව ඉවත්විය හැකිය.
Comments
Post a Comment
Your comment will be visible after approval