fuel-sri-lanka

සිපට්කෝ ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන තොග නිකුත් නොකළ ද රට පුරා ඊයේ (29) මෙන්ම අද (30) දිනයේ ද සිපෙට්කෝ පිරවුම්හල් අසල තරමක දිගු වාහන පෝලිම් දැකිය හැකි විය. මෙම එම පිරවුම්හල්වල සිටින ජනතාවට ත්‍රිවිධ හමුදාව ‘ටෝකන්’ නිකුත් කළ ද ඔවුහු ටෝකන්’ පත ලබාගෙන තව දුරටත් පෝලිමේ රැඳී සිටින තත්ත්වයක් දැකිය හැකිය. 

මෙම ජනතාව පවසන්නේ බොහෝ ස්ථානවල 'ටෝකන්’ ලබාදුන්න ද ඒ අනුව ඉන්ධන නිකුත් නොකරන බවයි. ඉන්දියන් ඔයිල් සමාගමේ (අයි.ඕ.සී.) පිරවුම්හල්වලට ඊයේ දිනයේ ද සීමිත ඉන්ධන තොග නිකුත් කළ අතර එම පිරවුම්හල්වලට ඩීසල් සහ පෙට්‍රල් සීමිත ප්‍රමාණයක් ලැබුණි.



ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා පැවසුවේ ඊයේ වන විට සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට ඉන්ධන තොග නොලැබෙන බවත් අයි.ඕ.සී. පිරවුම්හල්වලට  සීමිත තොග ප්‍රමාණයක් ලැබෙන බවත්ය.

පොලිසිය සහ සෙසු රාජ්‍ය සේවකයන් අතර ඉන්ධන ලබාගැනීම සඳහා මේ වන විට ගැටුම් නිරන්තරයෙන් වාර්තාවේ. ‘ටෝකන්’ පන්වලින් වැඩි සංඛ්‍යාවක් පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ ඔවුන්ගේ හිතවතුන්ට ලබාදීමට රඳවා ගන්නා බවට ජනතාවගේ චෝදනා වක්ද තිබිණි.