israel-election

සභාග රජයේ පනතක් සම්බන්ධ කාරනාවකදී පරාජයට පත්වීමෙන් පසු ඊශ්‍රායල පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. 


 මේ අනුව නව මැතිවරණයකට මග පෑදී තිබෙයි. නව මැතිවරණ පැවැත්වීම සඳහා සියලු පක්ෂ සහයෝගය ලබා දී ඇත. නව මැතිවරණය නොවැම්බර් 1 වැනිදා පැවැත්වෙන අතර මෙය 2019  සිට වසර 3 ක් තුළ එරට පැවැත්වෙන පස්වන මහමැතිවරණයයි. නෆ්තාලි බෙනට් හට භාරකාර ආණ්ඩුවේ වගකීම පැවරී තිබේ.
හිටපු අගමැති බෙන්ජමින් නෙතන්යාහුට නැවත අගමැති විය හැකි බවට දින කිහිපයකට පෙර විශ්වාස පැවති අතර ආණ්ඩුව පෙරළා නැවත මැතිවරණයක් පැවැත්වීම ගැන එම කණ්ඩායම තීරණය කළේ එම විශ්වාසය මතයි.

'ටයිම්ස් ඔෆ් ඊශ්‍රායලයේ' වාර්තාවකට අනුව, නෙතන්යාහු වැනි සභාගයක් පවත්වාගෙන යාමට නෆ්තාලි බෙනට් අසමත්වූ නිසා බලය අහිමි විය. ඉරානයෙන් ඊශ්‍රායලයට තර්ජන පවතින අවස්ථාවක බෙනට්ගේ රජය බිඳ වැටුණි.