
මිල සූත්‍රය අනුව ඉන්ධන මිල වැඩි කිරීම සිකුරාදා 24 මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග පවසයි.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 74 කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 78 කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 56 කින් ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 65 කින් ද ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග සඳහන් කළේය. භූමිතෙල් ලීටරයක් රුපියල් 210 කින් ඉහළ දැමීම විශේෂිතය.
මේ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 494කි.
ඔක්ටේන් 95 ලීටරයක නව මිල වන්නේ රුපියල් 528කි.
ඔටෝ ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 456කි.
සුපර් ඩීසල් ලීටරයක නව මිල වන්නේ වන්නේ රුපියල් 510කි.
එමෙන්ම, 87 ක්ව තිබූ භූමිතෙල් ලීටරයක් රුපියල් 210කින් මිල ඉහළ ගොස් 297ක් දක්වා වැඩිවී තිබෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval