dhammika-perera-mp

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ධම්මික පෙරේරා පත්කර තිබේ.
මැතිවරණ කොමිසමට යොමු කළ අයදුම් පත අනුව අදාළ ගැසට් නිවේදනයද ප්‍රකාශයට පත්කර තිබෙන අතර ඔහු ව්‍යාපාර කටයුතු සිදුකිරීම මත පැවති නීතිමය බාධාවන් ඔහු ඉවත් කරගෙන දැන්වූ ලිපිලේඛන කොමිසම පිළිගැනීමට ලක්කර ඇති බව ඒ අනුව වාර්තාවේ.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් වෙනුවෙන් මැතිවරණ කොමිසමට යොමු කළ ධම්මික පෙරේරාගේ නම එම කොමිසම විසින් පිළිගනු ලැබූ බවත් අනුමැතිය ලබාදුන් බවත් මැතිවරණ කොමිසම නිවේදනය කළේය.
බැසිල් රෝහණ රාජපක්ෂ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වී ඇති මන්ත්‍රී ධුරය සඳහා 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (5) වගන්තිය ප්‍රකාරව කුලප්පු ආරච්චිගේ දොන් ධම්මික පෙරේරා පත් කර ගැනීමට තීරණය වූ බවද දැක්වේ.