litro-vijitha-herath-resigned

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ධූරයෙන් ඉංජිනේරු විජිත හේරත් මහතා අද (10) පස්වරුවේ ඉල්ලා අස්විය.
කොළඹ වරායට පැමිණ තිබෙන ගෑස් මෙට්‍රික්ටොන් 3900 ක් රැගත් නෞකාවට දින දෙකක් ගතවී තිබුණ ද මුදල් ගෙවීමට නොහැකිවීම මත ගැටලු පැනනැගී ඇති වාතාවරණයක ඔහු ඉල්ලා අස්වී ඇත.




ඔහුට පුද්ගලිකව එල්වී ඇති පීඩනය මත  ඉල්ලා අස්වීමට සිදුවූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ පසුගිය අප්‍රේල් මස ඉල්ලා අස්වීමෙන් පසුව විජිත හේරත් මහතා අප්‍රේල් මස 21 වැනි සභාපති ධූරයට පත්වූ අතර ඔහු සභාපති පුටුයේ වැඩ කරේ මාස එකහමාරකි.
අධික ගැටලුවක්ව පවතින ගෑස් ලබාදීම මේවනවිට ජනජීවිතය මුළුමනින් අඩාල කර තිබේ.