
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයන් පිරිසක් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ඔහුගේ මෝටර් රථය තුළ සිරකර ඇති බව වාර්තා වේ.
කොල්ලුපිටියේ පිහිටි අමාත්‍යාංශ පරිශ‍්‍රයට පැමිණි සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවක පිරිසක් මෙසේ විරෝධතාවය දක්වා ඇති බවද වාර්තාවේ.
තෙල් සංස්ථාවේ පිරවුම්හල් පෞද්ගලික අංශයට පවරන බවට අමාත්‍ය කංචන විජේසේකර සිදු කරන ලද ප්‍රකාශය නිසා මෙම විරෝධය පැනනැගී ඇත.
කාංචන විජේසේකර මහතාගේ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය ලේකම් වරයාගෙන් සේවක පිරිස විමසූ අවස්ථාවේදී අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී ඇත්තේ කැබිනට් රහස් හෙලි කිරීමට නොහැකි බවයි.
ලේකම්වරයාගේ පිළිතුරත් සමඟ විරෝධතාකරුවන් අමාත්‍යාංශ ලේකම්වරයාට ඉන් බැහැරවීමට නොහැකි වන ලෙස වාහනය වට කරමින් විරෝධතාවයේ යෙදුනු බවද කියවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval