puttalam-salt-limited

 පුත්තලම - පාලාවිය ලුණු සමාගමේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් සේවකයන් විසින් සිර කරගෙන සිටි ගණකාධිකාරයා ඇතුළු පාලක මණ්ඩලයේ සිවුදෙනකු (04) දෙනකු ඊයේ (26 වැනිදා)  අලුයම මුදා ගත්බව පුත්තලම  පොලිසිය කියයි. 

පුත්තලම - පාලාවිය ලුණු සමාගමේ සේවකයන් දින කීපයක සිට තම වැටුප රුපියල් 10,000 කින් වැඩි කරන ලෙස ඉල්ලමින් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. ඉකුත් 30 සිට මෙම වැඩවර්ජනයේ නිරතව සිටින සේවකයන් සහ පාලක මණ්ඩලය අතර සාකච්ඡාවක් පුත්තලම කම්කරු කාර්යාලයේ නිලධාරීන් විසින් පසුගිය 23 වැනිදා පවත්වා ඇත.

වැටුප් වැඩි කිරීමේ කොටසකට රු. 5000.00 මුදලක් ලබාදී ඇති බවට වාර්තතා වුවත් මෙහිස්ථිර සේවකයන් 220 පමණ සේවය කරන අතර වාරි සේවකයන් දිනකට 200 ක් පමණ සේවය කරන බව වාර්තා වේ.

පවතින ගැටලුවට විසඳුමක් ලබා දීමට ලුණු සමාගමේ පාලක මණ්ඩලය එම සාකච්ඡාවේ දී එකගතාවය පළකර ඇතත් පාඩු ලබන තත්වයකට පත්ව ඇති බැවින් ආයතන වසා දැමීමට සිදුවන බව ලුණු සමාගමේ ඒ.සී. එකක් බ ගණකාධිකාරීවරයා 25 වැනිදා සවස එහි සේවකයන් සමග පැවසීමත් සමගද  මෙම ගැටලු උග්‍ර අතට හැරි තිබේ.එම ප්‍රකාශයත් සමග කලබලයට පත්ව ඇති සේවකයන් ලුණු සමාගමේ ප්‍රධාන දොරටුව වසා දමා ගණකාධීකාරීවරයා ඇතුළු පාලක මණ්ඩලයේ සිව් (4) දෙනකුට පිටතට යාමට නොහැකිවන සේ ආයතනය තුළ සිර කරගෙන ඇත. අනතුරුව සේවකයන් කණ්ඩායම් ලෙස සකස් වී ප්‍රධාන ගේට්ටුව මුර කිරීමට කටයුතු කර තිබේ.



මේ පිළිබඳව පුත්තලම පොලීසියට ලුණු සමාගමේ පාලන අධිකාරිය මගින් කරන ලද පැමිණිල්ලකට අනුව 26 වැනිදා අලුයම විශේෂ පොලිස් කණ්ඩායමක් ලුණු සමාගමේ පිටුපස කොටසින් ඇතුළු වී සිර කරගෙන සිටි ගණකාධිකාරීවරයා ඇතුළු පාලක මණ්ඩලයේ සිව්දෙනා (4) මුදාගෙන පුත්තලම පොලීසිය වෙත කැඳවාගෙන ගොස් ඔවුන්ගේ නිවෙස්වලට පිටත්කර යවා තිබේ. මේ තත්වය පිළිබඳව පුත්තලම - පාලාවය ලුණු සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එච්. එම්. රණසිංහ මහතාගෙන් විමසීමට උත්සාහ කළ නමුත් ඒ මහතාගේ දුරකථනය ක්‍රියාත්මක නොවිණි.


-එච්. චන්දන-