court-block-ceb

වැඩ වර්ජන හෝ වෘත්තීය ක්‍රියාමාර්ග හමුවේ විදුලි සැපයුමට බාධාවන කිසිදු ක්‍රියාවක නිරත නොවන ලෙස කොළඹ දිසා අධිකරණය ලංකා විදුලි ඉංජිනේරු සංගමයට වාරණ නියෝගයක් අද (09) නිකුත් කර තිබේ.
මෙම අධිකාර නියෝගය ලබා දුන්නේ,ලංකා විදුලිබල මණ්ඩලය ගොනුකල පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.


එම වාරණය ඉදිරි දින 14 සඳහා බලාත්මකයි.
එමෙන්ම ශ්‍රී ලංකා විදුලි බල ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර සහ එම සංගමයෙන් මහලේකම් ධම්මික විමලරත්න යන දෙදෙනා ඇතුලු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
අධිකරණය දන්වා සිටියේ, අඛණ්ඩ විදුලි සැපයුමට බාධාවන කිසිදු කාර්යයක ලබන 22 වනදා දක්වා නිරත නොවන ලෙසයි.