basil-speaks-text

හිටපු මුදල්ඇමති බැසිල් රාජපක්ෂ සිය මන්ත්‍රී ධූරයෙන් සමුගැනීම වෙනුවෙන් අද දහවල් පැවැත්වූ මාධ්‍ය හමුවේ සංක්ෂිප්ත සටහන පහත පරිදිය. ඔහු එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාකච්ඡාවක් ආකාරයට හමුව ගෙන ගිය අතර මෙසේ කතාව ආරම්භ කළේය.

මං කතා කරන්නේ සාමාන්‍ය පුරවැසියෙක් විදිහට . මීට මාස 11 කට පෙර ජුලී 07 වනදා මං මුදල් ඇමති ලෙස පත්වුනේ. පසුගියදා ඇමති මණ්ඩලයෙන් පිරිස ඉවත් වෙද්දි මාත් ඉවත් වුණා. අද මං මන්ත්‍රී ධුරයෙනුත් ඉවත් වෙනවා.. පොදුජන පෙරමුණට සුදුසු කෙනෙකුට පත්වීමක් දෙන්න තමා මං ඉවත්වෙන්නේ.මේ ගැන අහන ජනතාවට මං මේ දැනුම්දීම කියන්නයි මේ හමුව පවත්වන්නේ.
මෙතෙක් කල් පක්ෂයක් ලෙසත් ඇමතිවරයෙකු ලෙසත් දැක්වූ සහයට ස්තූති වන්ත වෙනවා.
රාජ්‍ය පාලනය හා දේශපාලනය යන්න දෙකක් මං අද සිට කිසිදු රාජ්‍ය පාලනයේ කිසිදු කටයුත්තට සම්බන්ධ වෙන් නැහැ. නමුත් දේශපාලනය කිරීම නතර කරන්න විදිහක් නැහැ.මාත් එක්ක සිටි අය වෙනුවෙන් අවශ්‍ය නම් ඒ කැපවීම කරනවා.



21න් මන්ත්‍රී ධූරය නැතිවන නිසා නේද මෙහෙම කරන්නෙ?

21 වන සංශෝධනය නිසාම නෙමේ මාව වැඩක් නැහැ දැන් මේ පාර්ලිමේන්තුවට.. මං ආවේ මුදල් ඇමති ධූරයට එය අතහැරි නිසා තමයි මෙම තීරණය ගත්තේ

ද්විත්ව පුරවැසියෙකු ලෙස ඔබ පාර්ලිමේන්තුවෙ රට ගැන කතාකරන්න පුළුවන්ද?
ද්විත්ව පුරවැසියො ලෝකෙ අගමැතිකම් දරන තුන්දෙනෙක් ඉන්නවා. මේක ලොකු ප්‍රශ්නයක් නෙමේ.

ධම්මික පෙරේරාද එන්නේ?
මගෙන් පස්සෙ එන කෙනා තෝරන්නෙ මං නෙමේ. මගෙන් පුරප්පාඩු වෙන එක පුරවන්නෙ පක්ෂය මං දන්නැහැ. පුද්ගලයො මාරුවක් වැඩක් නැහැ. සිස්ටම් චේන්ජ් එකක් වෙන්නයි ඇත්තටම ඕන.
මං විතරක් නෙමෙයි තව දෙතුන් දෙනෙක් ඉන්නවා ඉවත් වෙන්න
ධම්මික පෙරේරා විතරක් නෙමේ අරගලයෙ අයට වුණත් අවස්ථාව දෙනවට මං කැමතියි.

පිටතින් අය පාර්ලිමේන්තුවට ගේන එක හරිද?
 ජාතික ලැයිස්තුවෙනුත් හොඳ අය අරගෙන මේකදියුණු කරන්න පිට අය අරන්

ඔබ සාර්ථක වුණාද?
මගේ ශක්තිය ප්‍රමාණයට මම රටට යමක් කලා කියල හිතනවා. හැබැයි ජනතාව බලාපොරොත්තුවූ සියලු දේවල් කරගන්න බැරිවුණා. මං ලංකාවට එනවිට යහපාලන රජයෙන් චෝදනා දෙකක් තිබ්බා. එකක් විවිධ දූෂණ වංචා වලට මට නඩු පැවරීම. අවුරුදු ගාණක් විවිධ දේ තිබිලා අන්තිම නඩුවෙන් ගිය සතියෙ නිදහස් වුනේ.
2015 මහින්ද රාජපක්ෂගේ පරාජයට මං වගකියන්න ඕන කියල කිව්වා. මට ඕන වුනා ඒක අපස්සට හරවල පෙන්වන්න.
ඒ බලාපොරත්තු දෙකම ඉෂ්ට වුණා.




සිස්ටම් චේන්ජ් ගැන කිව්වට ඔබ මුදල් ඇමති ලෙස රට වැට්ටුවා අසාර්ථක වුනා නේද?
1951 ඉඳලා මේ රට කටයුතු කරලා තියෙන්නේ ණය ගන්නවා වියදම් කරනවා යන ක්‍රමයට මේකෙන් ගොඩඑන්න කිසිම රජයක් ක්‍රියාකරලා නැහැ. මං උත්සාහ කරා යම් ආකාරයකට අපේ ජනතාවත් රටත් දෙපයින් නැගිටින්න ඕන කියලා. ඒක හරියන්න පුළුවන් හරි නොයන්න පුළුවන්

වෙච්ච දේවල් වලට ඔබ වගකියන්නෙ නැහැ කියලද කියන්නෙ?
මේ අර්බුදයට වගකීම මං භාරගන්නෙ නැහැ. මං එනකොටත් ඒව තිබ්බා.සංචිත ගැන හොයල බලන්න මං නිසා මේ අවුරුදු දෙක නිසා වෙනස්වුනා කියල සංඛ්‍යාලේඛන පෙන්නන්න එහෙම ඒවා නැහැ අද තෙල් ටික පිටි ටික ගේන්නෙත් මං කතා කරල ගත්තු ඒවයින්.

රාජපක්ෂවරුන්ට ගෞරවනීය විදියට යන්න බැරිවුනේ ඔබ නිසාද?
දැන් ගිහින් ඉවරනේ.

මීට කලින් අයිඑම්එෆ් යන්න බැරිවුනේ ඔබ නිසාද?
මං ආපු හැටියෙ නියෝජිතයො යැව්වා අයිඑම්එෆ් එකට. කවුද කියන්නෙ මං කරේ නැහැ කියල. ඒ අය වරින්වර එනව. කවදත් ණය දීල තියනවා. මං කලින් කරන්න තිබ්බ දෙයක් කරේ නැහැ කියල පිළිගන්නෙ නැහැ. ඒක මං කරේ නැහැ කියල චෝදනා කරන්න බැහැ.

ජනාධිපතිතුමා කිව්වනෙ කලින් කරා නම් මේ අර්බුදය නැහැ කියල?

ජනාධිපති තුමා කිව්වෙ මං කරපු වරදක් නෙමේ. එතුමා කිව්වෙ මීට ඉහත කරගන්න තිබ්බ දෙයක් ගැන.

අයිඑම්එෆ් එකට 2020 අප්‍රේල් යන් නැතිව 2022 ගියේ ඇයි? (ඉංග්‍රීසියෙන් අසයි)
මට වැරදුනොත් ආයෙත් ‘කපුටාස්‘ කියල කියැවෙයි... ඒ නිසා සිංහලෙන්ම කියන්නම්.
මං තනතුර දරද්දි  අයිඑම්එෆ් එකින් යාම ගැන විමසුවා. කන්ඩායම් දෙකක් කැඳවලා මේක ඇහුවා. ඒ අයට මේ ගැන විසඳුම් දෙන්න බැරිවුණා. අයිඑම්එෆ් රටවල් එකසිය ගාණකට ණය දෙනවා. ලංකාව විතරක් නෙමේ. සමහර අයට මෙයින් වාසියක් ගන්න පුළුවන් වුණත් සමහර අයට බැහැ. ඔය කියන විදිහට මේකෙන් ලොකු ගැලවීමක් නැති බව කිව යුතුයි. අයිඑම් එෆ් තමා හොඳම වගේ අදහසක් දැනටත් මට නැහැ.




ජනඅරගලය ගෝටාගෝහොම් කියල නමුත් වෙන අයයි යන්නෙ?
මං අනිත් රාජපක්ෂලා වගේ නෙමේ. මං ආවේ මහජන ඡන්දෙකින් නෙමේ.මට අයිතියක් තියනව ඉවත් වෙන්න.
ඒ අය පත්කළේ ජනතාව. ජනපතිතුමා පත්වෙන්නෙ 69 ලක්ෂෙකින් මන්ත්‍රීවරු පත්වුනේ 68 ලක්ෂෙකින් අපි එහෙම වෙලත් දිස්ත්‍රික් නායකයින් සියල්ලන්ගෙ තනතුරු කැපකරා. කුරුණෑගල, රත්නපුර.. රට වෙනුවෙන් පක්ෂයක් හැටියට පරිතයාග රැසක් කරලා තියනවා.

ගෝඨාභය කියනව පස්සෙ පාස් වෙනව කියල ..ගෝඨාභය පාස් වෙයිද?
පාස් නොවී බෑනෙ. මං හිතනව රට බේරගන්න පුළුවන් වෙයි කියලා

ජනපතිට මේ දේ කරගන්න බැරිවුනේ රාජපක්ෂලා නිසාද?
ඒක එක්තරා කන්ඩායමක මතයක් විතරයි. අපේ පක්ෂයේ හොදම අපේකෂකයා වුනේ මහින්ද රාජපක්ෂ. එතුමාට ඉල්ලන්න බැරි නිසා තමයි සුදුස්සෙක් නම් කරේ. එතුමාට අපි වැඩ කළා. ජයගත්තා.
එතුමාට බලයක් තිබුනා. ජනවරමක් තිබුනා. එම කටයුත්ත ඉදිරියටත් හරියට කරාවි කියල හිතනවා.
අපේ පරම හතුරා වුණ රනිල්ටත් දැන් අගමැති තනතුර දීලා ඒ කැපකිරීමත් කරල තියනවා.

ඔබ සදාකාලික සමුගැනිමක්ද?
ඒක සදාකාලික නොවෙන්න පුළුවන්. ජනතාව ආපහු කැඳෙව්වොත් ආපහු එන්න වේවි.

ඔබ ආයෙ ඇවිත් දේශපාලනය වෙනුවෙන් වැඩ කරනවද?
මං උත්සාහ කරන්නෙ සම්පූර්ණයෙන්ම ඉවත්වෙන්න

ගිහින් එන්න අයෙත් බලාපොරොත්තු වෙනවද?
එන්න වෙයි ආයෙත්

ලංකාවද ඇමරිකාවද හොඳ?
එක එක්කෙනාට හොඳවෙන දේවල් වෙනයි. ඒකට විවිධ මත ඇති..

මහින්ද රාජපක්ෂට මිනිස්සු ආයෙ එන්න කිව්වා?
මට නං එහෙම කියන එකක් නැහැ.
මේක කිසිම කලකිරීමකින් ගන්නා සමුගැනීමක් නෙමේ. මගේ ශක්ති ප්‍රමාණයෙන් සියලු දේ කළා කියල මං කියනවා. මට බලපෑමක් නැහැ. බලපෑමක් තියෙන්නෙ අයින් වෙන් එපා කියල.

අලුත් දේශපාලන ව්‍යපාරයක් පටන්ගන්නවද?
එහෙම අදහසක් තවම නැහැ. නමුත් වෙනස්ව හිතන්න බියනොවන්න කියල මං කියනව.

ඔබ අද හෙටම යනවද?
මං දැන්ම රටින් යන් නැහැ. කොහොමත් අවුරුද්දට සැරයක් යන්න ඕන..
තව ටික දවසක් ඉඳල තමා යන්නෙ

21 සංශෝධනයට මොකද වෙන්නෙ?
පුද්ගලිකව මං 21ට විරුද්ධයි. මං අස්වෙන්න තව එක හේතුවක් තමා ද්විත්ව පුරවැසි කතාව මගේ පුද්ගලික කාරණයක් ලෙස දකින්න අවශ්‍ය නැති කිරීම
අපි ජනතා බලයකින් මිස 69 ලක්ෂයේ කෙනා වෙනුවට දෙලක්ෂ ගාණක අගමැති කෙනෙකුට බලය දෙන්න මං කැමතිනැහැ.
21 ස්වාධීන කොමිෂන් වගේ දේවල් වලට මං ඉතාකැමතී.
මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉවත්වෙන්න අවසාන වශයෙන් බලපෑවෙ මහනායක ඉල්ලීම්.
ව්‍යවස්ථාවට වඩා ජනතාවගෙ ප්‍රශ්න බලන්න කියල එතුමන්ල කියල තිබුණා.

ජනතාවට තියන දුක් වේදනා ගැන ඔබ දන්නවාද?
ඒ ගැන අපි හිතනව. මේව අපේ වැරදි විතරක් නෙමේ

ඔබ ජනතාවට බෝලෙ පාස් කරන්නෙ ඇයි?
අපට ඡන්දෙ දීපු ජනතාවත් මේකට වගකියන්න ඕනනෙ. ඉතින් ජනතාවට වරදක් තියනව

ඊළග ඡන්දෙට ඔබේ පක්ෂය එනවද?
ඊළඟ ඡන්දෙන් පොහොට්ටුව ඉල්ලනවා අනිවාර්යෙන් ලබන අවුරුද්දෙ ඡන්දයක් තිබ්බත් අපි එනවා. පැරදුම දිනුම දෙකම ජනතාව අතේ.

ඔබ පක්ෂය ප්‍රතිසංවිධානය කරනවද?
ඔව් අනිවාර්යයෙන්

ඔබේ කපුටාස් බ්‍රෑන්ඩ් එක ගැන මොකද කියන්නෙ?
හොඳයි බොහොම හොඳයි..ඉතින් ඒක.. එහෙම නරක සත්වයෙකුත් නෙමේනෙ.
මං කිසිම කෙනෙකුට වෛරයක් නැහැ. පලිගන්නෙත් නැහැ. ඉදිරියටත් එහෙමයි.කවුරු මොනව කිව්වත් එහෙමයි.
මගේ රින්ග් ටෝන් එකට දාන් ඉන්නෙත් බැසිල් බැසිල් කියන එක මගේ නම කියනවනෙ ඒ කැල්ල හයියෙන් ඇහෙනවා. සිංදුව මුල් ටික හෙමින් ඇහෙන්නෙ.