coconut-dollar

පොල් වගාව සහ පොල් වගාව සම්බන්ධ ගැටළු පිළිබඳ නවීන තාක්ෂණික කාරණා සවිස්තරාත්මකව හා ක්ෂණිකව දැනගැනීමට පිවිසෙන්න අපගේ නිල Youtube නාලිකාවට



පොල් අපනයන බෝගයක් ලෙස ප්‍රවර්ධනය කළ යුත්තේ ඇයි?

පොල් යනු, ශ්‍රී ලංකාවට 2021 වර්ෂයේදී ඩොලර් මිලියන 834ක පමණ අපනයන ආදායමක් උපයාදුන් ප්‍ර‍ධාන වැවිලි බෝග අතුරෙන් එකකි. පසුගිය වසරේ වාර්ෂික ජාතික පොල් නිශ්පාදනය ගෙඩි මිලියන 3382 වූ ඉහළම අගයක් වාර්ථා කළ අතරම පොල් ගෙඩියක ගොවිපොළ මිලද රු 50.00 කට ඉහළ මට්ටමක පැවතීම නිසා, පොල් ආදායම නිවසේ යහපත් ආර්ථික තත්වයක් පවත්වා ගැනීමටද සෘජුවම දායක කරගත හැකි බව තහවුරු වී ඇත. මෙම ඉහළ විභවය යටතේ පොල් කර්මාන්ත හරහා ශ්‍රී ලංකාවට විදේශ විනිමය රැගෙන ඒමේ ජාතික අවශ්‍යතාවයට දායක වීම සඳහා ඔබටත් දැන් අවස්ථාව ඇත.

පොල් පරිභෝජනයේදී නාස්තිය අවම කළ යුතු විධි

ගෘහස්ත පොල් පරිභෝජනයේදී, අතින් කිරි මිරිකීම තුළින් විශාල ලෙස පොල් අපතේ යන අතර ඒ සඳහා බ්ලෙන්ඩර් කිරීම හෝ සැකසූ පොල් කිරි භාවිතා කිරීම මගින් ගෘහස්තව සිදුවන පොල් අපතේ යාම වලක්වාගත හැකිය. මේ සම්බන්ධව සියලු විස්තර අපගේ නිල යූටියුබ් නාලිකාවට පිවිසීමෙන් නැරඹිය හැකිය.




අපනයන බෝගයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට ජනතාව ලෙස අපට ගත හැකි පියවර

වගා කටයුතු විධිමත්ව හා විද්‍යානුකූලව සිදු කිරීම මගින් පොල් වල්ලකට එක ගෙඩියක් වැඩිකර ගැනීම, කෘමි පලිබෝධ හානි අවම කර ගැනීම සහ ගෘහස්ත වශයෙන් සිදුවන හානිය අවම කරගැනීම යන පියවර මගින් පොල් කර්මාන්තය සඳහා යෙදවිය හැකි පොල් ගෙඩි ප්‍ර‍මාණය වැඩිකර ගැනීමට ඔබටත් දායක විය හැකිය. එමගින් අපනයන නිශ්පාදන ප්‍ර‍මාණය ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබෙන අතරම ශ්‍රී ලංකාවේ තේ සඳහා “Ceylon Tea” ලෙස ජාත්‍යන්තරයේ ප්‍ර‍කටව ඇති සන්නාමය ශ්‍රී ලංකාවේ පොල් සඳහා ද  “Ceylon Coconut” ලෙස ලබා ගැනීමෙන් ඉහල ඉල්ලුමක් සහ වෙළඳ පොළ වටිනාකමක් ලබා ගැනීමට හැකිවේ.

මේ සියළු දේ සමග පොල් ගෙඩියක දේශීය වෙළඳ පොළ වටිනාකමද ඉහළ යන අතර එය ඔබගේ අතමිට සරු වීමටද හේතු වේ. ඉහත පියවර සාර්ථකව සිදුකරගන්නා ආකාරය පොල් පර්යේෂණ ආයතනයේ නිල යූටියුබ් නාලිකාවට පිවිසීමෙන් නැරඹිය හැකිය.



පොල් ආශ්‍රිත සහ අතුරු නිෂ්පාදන සඳහා අගය එකතු කිරීමෙන් අපනයන ආදායමක් සොයන විදි දැන ගන්න
පොල් පර්යේෂණ ආයතනයේ නිල Youtube නාලිකාවට පිවිසීමෙන් පොල් ආශ්‍රිත නිෂ්පාදන, අතුරු නිෂ්පාදන සහ අගය එකතු කළ පොල් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ තොරතුරු පරිශීලනය කිරීමට ඔබටත් හැකියාව ඇත. පොල් පර්යේෂණ ආයතනයේ පොල් සැකසුම් පර්යේෂණ අංශය මගින් එවැනි නිශ්පාදන රාශියක් එලිදක්වා ඇති අතර ඒ වෙනුවෙන් පුහුණු වැඩසටහන්ද පවත්වාගන යාම සිදු කරනු ලබයි.




සෑම ගෙදරකම තිබිය යුතු කප්රුක අත්පොත

පොල් පර්යේෂණ ආයතනය මගින් එළිදක්වා ඇති කප්රුක අත්පොත සෑම ගෙදරකම තිබිය යුතු අත්පොතකි. පොල් වගාව ගැන සරලව කියවා අවබෝධ කර ගැනීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට මෙම පොත පොල් පර්යේෂණ ආයතනයේ නිල වෙබ් අඩවියට පිවිසී බාගත කර ගත හැකි අතර එහි ඇතුළත් QR කේත සක්‍රීය කිරීම මගින් වැඩි විස්තර  වීඩියෝ මගින් නැරඹිය හැක.

කප්රුක අත්පොත  - Kapruka Pdf Download
https://cri.gov.lk/Kapruka-Potha.pdf
කප්රුක අත්පොත වීඩියෝ -   Kapruka Video playlist
https://cri.gov.lk/Kapruka-Potha


ඔබ වෙනුවෙන් අවශ්‍ය සියලු තාක්ෂණික සහ ආර්ථිකමය දැනුම ලබා දීමට පොල් පර්යේෂණ ආයතනය සුදානම්. පිවිසෙන්න නිල නාලිකාවට
https://cri.gov.lk/youtube

අප ආයතනයේ සේවාවන් ලබාගැනීමට අදම ලියාපදිංචි වන්න
https://cri.gov.lk/services/

Social media – CRI -  තම මිතුරන් අතර මෙය හුවමාරුකර ජාතික කර්තව්‍යයට  අත දෙන්න
https://www.facebook.com/crigovlk

https://cri.gov.lk/youtube

https://cri.gov.lk/facebookgroup

https://www.instagram.com/crigovlk

https://www.linkedin.com/company/crigovlk

https://twitter.com/crigovlk

මෙම අංකයට 070 400 19 28 WhatsApp හරහා යොමු කර විසදුම් ලබා ගන්න.  Hotline-  1928 - CRI පොල් පර්යේෂණ ආයතනය.