රියැලිටි ටීවී තරුවක් වන කිම් කාර්ඩේෂියන් හනමසිය හැට දශකයේ ජනප්‍රිය මර්ලින් මොන්රෝගේ සුප්‍රකට ගවුම පසුගියදා Met Gala විලාසිතා රතු පලසට ඇඳීමට ගත් තීරණය සම්බන්ධයෙන් මතභේදයට තුඩු දී තිබේ.

1962 දී එවකට එක්සත් ජනපද ජනාධිපති ජෝන් එෆ් කෙනඩි වෙනුවෙන් සුභ උපන්දිනයක් ගායනා කිරීම සඳහා මොන්රෝ පැළඳ සිටි “නිරුවත” විදහා දැක්වීමක්වූ ඇඳුමට සමාන ඇඳුමක් ඇය ඇඳ සිටි අතර ඇතැමුන්ගේ විවේචනයට ලක්විය. මේ ගැන කතා කරන කිම් කාර්ඩේෂියන් තමා ඊට හානි කළ බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කළාය.

‘ටුඩේ‘ සගරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකදී කාර්ඩෂියන් පැවසුවේ, “මම මර්ලින්ට ගරු කරනවා. මෙම ඇඳුම ඇමරිකානු ඉතිහාසයට කෙතරම් වැදගත් දැයි මට වැටහෙනවා ඒවගේම මෙට් තේමාව ඇමරිකානු වීමත් සමඟ, මර්ලින් මොන්රෝ එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාට 'සුභ උපන්දිනයක්' ගායනා කිරීමට වඩා එයින් ඇමරිකානුවෙකු ලෙස නිරූපණයේ පවතින වටිනාකම ගැන මම සිතුවෙමි.
මා නිසා ඇඳුමෙහි ප්‍රතිරූපය “විනාශ වී ඇති” බවට ප්‍රකාශ වැරදියි. ඇඳුමට සරිලන පරිදි මම සිරුරේ බර අඩු කරගන්නටත් කාලයක් වෙහෙසුණා.  ඇත්තටම මෙම ඇඳුම ඇඳීමට අවශ්‍ය වුණා. එය මට ඇත්තටම වැදගත් වුණා,” ඇය පැවසුවාය.