atova-doller-channa-jayasumana

රුධිරයේ කොලෙ-ස්ටරෝල් අඩු කරන ‘අටෝවාස්ටැටින්’ නමැති ඖෂධය ඇමරිකානු ඩොලර් 1.33කට ලබා ගත හැකිව තිබියදී එය ඩොලර් 6.33කට ඉන්දියානු ණය ආධාර යටතේ ඇණවුම් කිරීම සුජාතකරණය කරන චන්න ජයසුමන හිටපු ඇමැතිවරයාගේ වෑයම තලගොයා කබරගොයා කර අනුභව කිරීම බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවසීය.


රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ තවත් දේශීය නිෂ්පාදකයන් තිදෙනකු මෙම ඖෂධය නිපදවන බව ඇමැතිවරයාම පිළිගෙන ඇති තත්ත්වයක් හමුවේ, එක් පැකට්ටුවකට ඩොලර් 5ක් වැඩිපුර ගෙවීම ‍රටේ අසරණ බව සලකා ලබා දී ඇති ඉන්දියානු ණය මුදල් විනාශ කිරීමක් බවද හෙතෙම කීවේය.

මේ අතර හිටපු ඇමැතිවරයා ෆේස් බුක් සටහනක් මගින් දක්වා ඇත්තේ ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ‘ඇටෝවා (Atorva)‘ නමැති වෙළෙඳ නමින් හඳුන්වන රුධිරයේ කොලෙස්ටරෝල් අඩු කරන ‘අටෝවාස්ටැටින්’ නම් ඖෂධය මිලදී ගෙන ඇති බවත් එම මිලට ගැනීමේදී රුපියල් බිලියන ගණනක වංචාවක් සිදු වී ඇතැයි වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වන රවි කුමුදේශ් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සිදුකර ඇත්තේ කරුණු විකෘති කිරීමක් බවත්ය.