ambasana-killed-maning-market

පෑලියගොඩ මැනිං වෙළඳපළේ පළතුරු සංගමයේ සභාපති සමන්ත ප්‍රදිප් කුමාර හෙවත් අඹ සානා ඊයේ දහවල් වෙඩි තබා ඝාතනය කර තිබුනේ අඹ සානා  සිය පළතුරු වෙළඳසැල ඉදිරිපිට නවතා තිබූ සිය මෝටර් රථයට නැගීම සඳහා පැමිණි අවස්ථාවේ අසල නවතා තිබූ වෙනත් සුදු පැහැති මෝටර් රථයකින් බැස පැමිණි පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරයකිනි.


ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර මුළු වෙළෙද සංකීර්ණයම භීතියට පත්කර ඔවුන් පළාගොස් ඇත. ඊයේ දහවල් 1.30 ට පමණ සිදුවූ මෙම ප්‍රහාරයෙන් ඝාතනයට ලක්ව ඇත්තේ කොළඹ කෙසෙල්වත්තේ පදිංචිකරුවකු වන 42 හැවිරිදි සමන්ත ප්‍රදීප්ය. ඔහුව
‘අඹසානා‘ ‘කෙසෙල්වත්තේ චානා‘ ‘තඩි චානා‘  වැනි නම් වලින්ද හඳුන්වන බව පොලිසිය පවසයි.


මෝටර් රථයකින් පැමිණ ඇති පාතාල කණ්ඩායම සමන්ත ප්‍රදීප්ට අයත් වෙළෙඳසල අසල එය නතර කරගෙන ටිකවේලාවක් සිට ඇති අතර සමන්ත ප්‍රදීප්  පලතුරු පෙට්ටි කීපයක් වෙනත් මෝටර් රථයකට පැටවීමට පැමිණි අවස්ථාවේ පාතාල කල්ලියේ එක් සාමාජිකයකු මෝටර් රථයෙන් බැස ටී 56 අවියකින් ඔහුට වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.
ප්‍රහාරයෙන් අනතුරුව පාතාල මැරයන් නිරුපද්‍රිතව පලාගොස්  තිබූ අතර සැකකරුවන් පැමිණි මෝටර් රථය මහමඟ දමාගොස් තිබිය දී එඩේරමුල්ල ප්‍රදේශයේ ඇවිදින මංතීරුවක් අසලින් සොයාගෙන තිබේ. එය සොරකම් කරන ලද මෝටර් රථයක් බවට සැකකරන අතර මේ හේතුවෙන් වෙඩි තැබූ අය තවම සොයාගෙන නැත.

විමර්ශන කරන නිලධාරීන්ට ආරංචිවී ඇත්තේ බටුවත්තේ චූලා නමැති පාතාල මැරයා සහ සමන්ත ප්‍රදීප් අතර කාලයක පටන් ආරවුලක් පැවැති බවයි.


සමන්ත ප්‍රදීප්, කෙසෙල්වත්තේ දිනුක නමැති පාතාල මැරයාට එරෙහිව සිටි කණ්ඩායමේ සාමාජිකයකු වන අතර මීට වසර කීපයකට පෙර ද මොහු ප්‍රහාරයකට ලක්ව අනූනවයෙන් දිවි ගලවාගෙන තිබිණි‍
මැනිං වෙළෙඳ පොළේ සවිකර ඇති සී සී ටී වී දර්ශන ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ විශේෂ කණ්ඩායමක් විමර්ශන පවත්වාගෙන යයි.
සති තුනක් ඇතුළත පාතාල සන්නද්ධ කණ්ඩායම් විසින් සිදුකළ අටවැනි මිනීමැරුම මෙය බව පොලිසිය පවසයි.