මරණ දඩුවම් ලදමුත් ජනපති සමාව ලැබ නිදහස්ව සිටි  දුමින්ද සිල්වා අධිකරණ නියෝග අනුව පොලිසිය නැවත අත්අඩංගුවට ගෙන තිබේ.කෙසේ වෙතත්
ඔහු රෝහල්ගතව සිටින නිසා එසේ සිටියදි ඔ ඔහු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට 'රෝහල් ඇඳ අඩස්සියක්' ලෙස ගෙන ඇති බව පොලිසිය පවසයි.

භාරත ගාතනය නිසා මරණීය දණ්ඩනයට ලක්ව සිටි ඔහු ජනපති සමාව ලබා නිදහස්ව සිටියදි ඊට එරෙහිව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හා ඇගේ මව ලබාගත් අධිකරණ නියෝග අනුව නිදහස අත්හිටුවීමට ලක් විමෙන් පසු  අධිකරණ නියෝගයකට අනුව  දුමින්ද සිල්වා   අත්අඩංගුවට ගැනුනේ  ශ්‍රි ජයවරධනපුර රෝහලේ නේවසිකව ප්‍රතිකාර ලබමින් සිටින විටදීය.

අපස්මාර තත්ත්වයක් හේතුවෙන් අද පෙරවරුවේ   ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ, ස්නායු ශෛල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ගේ අධීක්ෂණය යටතේ 18 වැනි වාට්ටුවට ඇතුළත් වී ඇති නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ඔහු රදවා ඇති අතර පසුව බන්ධනාගාරයට රැගෙන යන්නට අපේක්ෂා කරයි.දුමින්දට මින් ඉහත සිංගප්පුරු ගොස් කාලයක් තිස්සේ එහි රෝහලක නතරවන්නට නිර්දේශ කළේද මෙම වෛද්‍යවරියමය.