369-good-import-ban-lifted

මුදල් ඇමති බැසිල් හා මහබැංකු අධිපති කබ්රාල් යන දෙන්නාගේ පාලන සමයෙහි පසුගිය මාර්තු 9  දින සිට ක්‍රියාත්මකවූ වලංගු බලපත්‍රයක් නොමැතිව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 369 ක් ශ්‍රී ලංකාවට ආනයනයට පැවති සීමාව අහෝසි කර අද (1) සිට අවශ්‍යතාව ඇති අයට ආනයන පාලන බලපත්‍රයකින් තොරව ඒවා ආනයනය කළ හැකි බව මුදල් අමාත්‍යංශය දන්වා ඇත.



මස්,මාළු කිරි, බිත්තර,පාන්පිටි, පළතුරු,නූඩ්ල්ස්,විස්කි,බියර්,ජංගම දුරකථන,විදුලි උපකරණ,ටයර්වර්ග මෙන්ම සියලුම ආකාරයේ ඇඟළුම් නිෂ්පාදන පිටරටින් ගෙන්වීමට පැවති සීමා මේ අනුව ඉවත් කර ඇත.
 වත්මන් ආර්ථික තත්වය නිසි ලෙස කළමනාකරණය සඳහා  සීමිත කාලයකට මෙම ආනයන සීමා කිරීමට බැසිල්-කබ්රාල් තීරණය කර තිබූ අතර මාස 3 කට ආසන්න කාලයක් මෙම සීමා පනවා තිබුණි.
මේ හේතුවෙන් වෙළෙඳපොලේ ඇතැම් භාණ්ඩ හිඟයක් අසාමාන්‍ය මිල ඉහළයාමක් මෙන්ම ඒකාධිකාරයක්ද නිර්මාණය විය.

ආනයන සීමා කිරීමට අදාළ ගැසට් පත්‍රයෙහි විස්තරාත්මකව සඳහන් කර ඇති වගුවෙන් එකී සීමා ඉවත් කළ භාණ්ඩ  සාරාංශගත ලැයිස්තුව මෙසේය.

    සැමන් ,මාළු පිරවුම් ,අඹරන ලද මස්,ෆිලට් වර්ග, තිලාපියා-කාෆ්-කැට් ෆිෂ්
    කිරි සහ ක්‍රීම්, සාන්ද්‍ර හෝ එකතු කළ රසකාරක ද්‍රව්‍ය
    බටර්, කිරි,චීස්, නැවුම් කිරි,යෝගට්, ආම්ලික කළ කිරි, කොකෝවා ආදී ඇටවර්ග,
    රට ඉඳි, අත්තික්කා, අන්නාසි, අලිගැටපේර, පේර, අඹ වර්ග
    දොඩම්,මිදි,ඇපල්, මැන්ඩරීන් ,වෙනත් සියලු නැවුම් පළතුරු
    සහල් හැර වෙනත් ආකාර ධාන්‍ය වර්ග, පෙති කපන ලද හෝ රෝල් කර තනන ලද ධාන්‍ය නිෂ්පාදිත ඕට්ස්,බඩ ඉරිඟු
    පිටි ,මෝල්ට්, අර්තාපල් පෙති, මඤ්ඤොක්කා පිටි,කොකෝවා අඩංගු චොකලට්
    පැස්ටා,ස්පැගති,මැකරෝනි, නූඩ්ල්ස්,ලසැන්ඤා,ග්නොච්,රුව්යොල්,කැනලෝනි
    බිත්තර, පළතුරු යුෂ,එළවළු යුෂ,මධ්‍යසාර නොවන බියර්,ඖෂධ පැකට් මත පදනම්වූ පාන වර්ග
    කිරි මත පදනම්වූ පාන වර්ග,පළතුරු මත පදනම්වූ පාන වර්ග
    මෝල්ට් මගින් තනන ලද බියර්,වයින් වර්ග
    සියයට 80 අඩු පරිමාවෙන් ඇල්කොහොල් යුත් එතිල් මධ්‍යසාර, ස්ප්‍රීතු හා මත්පැන්
    මිදි ආසවනය කළ ස්ප්‍රීතු,
    විස්කි, පැසුණු උක්,ජින්,වොඩ්කා,


    කෝඩියල් වර්ග,සුරුට්ටු, සිගරට්, දුම්කෝල ආශ්‍රිත නිෂ්පාදන
    සුවඳ විලවුන්, සම රැකවරණ රූපලාවන්‍ය.හිරු ආවරණ,ඇස් සැදීමට තොල් සෑදීමට අදාළ ආලේපන
    හිසකෙස් සැකසුම්,ෂැම්පු වර්ග,හිසකෙස් ලැකර්
    දන්තාලේප සවිකරන පේස්ට් සහ කුඩු,දත් පිරිසිඳු කරන නූල්, දන්ත ඖෂධ
    රැවුල බෑමට අදාළ උපකරණ,ඩියොඩ්‍රන් වර්ග,නාන ලණු වර්ග
    ආගමික ස්ථාන හා කාමර සුවඳවත් කරන ද්‍රව්‍ය
    සියලුම සබන් වර්ග ඉටිපන්දම්
    වායුමය ටයර්,රබර් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන,ප්ලාස්ටික් බඩු,
    සියලුම ආකාරයේ ඇඳුම් වර්ග,ඇඳුම් උපාංග,ක්‍රීඩා ඇඳුම් ,අත්වැසුම්
    බුමුතුරුණු වර්ග,ඇඳ ඇතිරිලි
    රබර් හෝ ප්ලාස්ටික් පාවහන්, පාපන්දු රග්බි පාවහන්, සියලුම ක්‍රීඩා පාවහන්
    සියලුම ආකාරයේ තොප්පි වර්ග
    පිඟන් භාණ්ඩ,මුළුතැන්ගේ උපකරණ,පෝසිලේන්,වැසිකිලි උපාංග
    ගෘහස්ථ සැරසිලි කරන වීදුරු භාන්ඩ හා වීදුරු පිඟන්
    සියලුම උදුන් වර්ග, ඉවුම් පිහුම් උපකරණ,හැඳි ගෑරුප්පු
    විදුලි පංකා,වායුසමීකරණ,ශීතකරණ,ආහාර ඇඹරුම් උපකරණ,යුෂ වර්ග සදන යන්ත්‍ර, රැවල කපන යන්ත්‍ර
    විදුලි ලාම්පු,විදුලි ගබඩා උපකරණ,වියළුම් උපකරණ,ටෝස්ටර
    ජංගම දුරකථන, සෙලියුලර් උපකරණ,ගුවන් විදුලි උපකරණ
    රූපවාහිනී යන්ත්‍ර, ඩිජිටල් කැමරා,වීඩියෝ රෙකෝඩර ගුවන්විදුලි විකාශන යන්ත්‍ර,ඔරලෝසු
    පටිගතකිරීමේ යන්ත්‍ර,එල්ඊඩී නිෂ්පාදන,බල්බ් වර්ග,ඇස් කන්නාඩි,අත්ඔරලෝසු,සංගීත භාන්ඩ
    සෙල්ලම් භාන්ඩ,ට්‍රයිසිකල්, ස්කූටර්,විදුලි සෙල්ලම් බඩු,වීඩියෝ ක්‍රීඩා උපකරණ