
ජුනි 09 සහ 10 දිනවල කොටුව සහ තලංගම ප්‍රදේශවල ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කළ 9 දෙනා අතරින් 7 දෙනෙකු අද මරදාන පොලිසියට පැමිණ භාරවීය.
ඔවුන් මුලින් කොටුව පොලිසියට ගියද මරදා පොලිසියට ගොස් භාරවෙන ලෙස දන්වා තිබූ අතර පසුව අරගල කන්ඩායම් සමග පෙලපාලියකින් ගොස් මරදාන පොලිසියට භාරවීය.
මරදාන පොලීසිය විසින් එලෙස අත්අඩංගුවට ගත් ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා ඇතුළු පුද්ගලයින් 7 දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුවන් ජුලි 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.
එම පිරිස ජුනි 9 වනදා සහ 10 වනදා කොටුව සහ තලංගම ප්‍රදේශයේදී පැවැත්වූ විරෝධතා අතරතුර ඇතිවූ සිද්ධි සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාව එදින අධිකරනයේදී විභාග වනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval