number-plate-dates

සියලුම රථ වාහනවලට එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීමේ ක්‍රමවේදය විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම ක්‍රමවේදයට අනුව සතියේ දින හත තුළ අදාළ අංකය හිමි වාහනයට ඉන්ධන ලබාගත හැකියාව පවතී.



ඒ අනුව අංක තහඩුවේ අවසාන ඉලක්කම 0, 1 සහ 2 නම් සඳුදා සහ බ්‍රහස්පතින් දා, ඉලක්කම 3, 4 සහ 5 නම් අඟහරුවාදා සහ සිකුරාදා ද, ඉලක්කම 6, 7, 8 සහ 9 නම් බඳාදා, සෙනෙසුරාදා සහ ඉරිදා ද, ලෙස දින වෙන්කර ඇත.

මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රීරෝද රථවලට සතියකට හෝ මාසයකට සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගත හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සදහන් කළේය.

දැවි තෙල් තොඟයක් සදහා අමෙරිකානු ඩොලර් මිලියන 34ක මුදලක් අඟහරුවාදා දිනයේ ගෙවා අවසන් කළ බවත් මේ වනවිට ගොඩබාමින් පවතින එම දැවි තොල් තොගය විදුලි උත්පාදන කටයුතු සහ කර්මාන්ත ආශ්‍රීත කටයුතු සදහා ලබාදීමට නියමිතය.