
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත්‍රයා සහ අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අද (9) අලුයම දිවයිනෙන් පිටත්ව ගිය බව ඩේලි මිරර් වාර්තා කර තිබේ.
යෝෂිත සහ ඔහුගේ බිරිඳ කටුනායක ගුවන්තොටට පැමිණ විදේශගතවූ බවත් නොදන්නා ගමනාන්තයක් සඳහා පිටව ඇති බවත් වාර්තාවෙහි දැක්වේ.
ඔහුගේ පියා වන අග්‍රාමාත්‍යවරයා ඔහු අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කරන ඉතා තීරණාත්මක දිනයක් වන අද යෝෂිතගේ රටින් පිටවීම සිදුවීම විශේසිතය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද සවස පැවැත්වෙන කැබිනට් රැස්වීමට සහභාගී වීමට නියමිත අතර, ජනාධිපතිවරයා ඔහුට ඉල්ලා අස්වන ලෙස දැනුම් දීමෙන් අනතුරුව තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ.
මේ වන විට මහින්දගේ ආධාරකරුවන් දහස් ගණනක් අරලියගහ මන්දිරයට සහ ඉන් පිටත රැස්ව මහින්ද රාජපක්ෂට තවදුරටත් රැඳී සිටින ලෙස බලකරමින් සිටිති.
Comments
Post a Comment
Your comment will be visible after approval