wilson-karu-passed-away

සිංහල සිනමාවේ දුෂ්ඨයා ලෙස විරුදාවලිය ලත් විල්සන් කරුණාරත්න සිය ජීවිතයෙන් සමුගෙන තිබේ.
1942 ඔක්තෝබර් 28 උපන් ඔහු මියයනවිට 79 හැවිරිදි වියෙහි පසුවිය.විල්සන් කරුණාරත්න පසුගිය 2021 මාර්තු මාසයේ නිවසේ ඇදවැටීමෙන් රෝගාතුරවූ අතර ඔහු වෙනුවෙන් කලාකරුවන් සුවය පතා ආගමික වතාවත්ද සිදු කරන්නට යෙදුණි. අනතුරුව මාස කිහිපයක්ම රෝගාතුරව ඇඳෙහි පසුවූ අතර අද (3) මියගියේය.


 සටන් නළුවකු ලෙස ජනප්‍රියත්වයක් උසුලනු ලැබූ ඔහු ආදරයට හැඳන්වූයේ ‘කරු‘ නමිනි.  70 /80 /90 දශකයේ සිංහල සිනමාවේ නැතුවම බැරි සටන් නළුවකු වූ කරු, හදවත් නැත්තෝ, ජීවන ගංගා, සරදියෙල්ගේ පුතා,   කෝහතුරෝ ඇතුළු ජනප්‍රිය චිත්‍රපට රැසක රඟපෑවේය. වන් ෂොට්,පාර්ලිමන්ට් ජෝක්ස් හා විජය කුවේණි ආදී චිත්‍රපට නිසා මෑත කාලයේ කථාබහට ලක්විය. ඔහු ඉරාජ් වීරරත්නගේ ගීතයකට පෙනී සිටීම නිසා සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක්ද වරක් ඇති කළ අතර මෑත කාලයේ කොරෝනා සහනාධාර පෝලිමක ඇතිවූ ගැටුමක් නිසා ඔහු ගැන මාධ්‍ය තුළ කතාබහක්ද නිර්මාණය විය.
ඒ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතයි.