new-zealand-reopen

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වසා දැමුණු දේශසීමා යළි විදෙස් සංචාරකයන්ට විවෘත කිරීමට නවසීලන්ත රජය ඊයේ (2) පියවර ගත්තේය. ඒ, නවසිලත්ත සෞඛ්‍ය අංශ කොවිඩ් 19  ව්‍යාප්තිය පාලනයට පනවා තිබූ සෞඛ්‍ය නීති ලිහිල් කිරීමත් සමඟය.

නවසීලන්තය මෙසේ විදෙස් සංචාරකයන්ට විවෘත වූයේ වසර දෙකකට පසුවය. 'කොවිඩ් 19' ආසාදිතයන් නොවන බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වූ, පුර්ණ එන්නත්කරණයට ලක් වුණුරටවල් 60 ක විදේශිකයන් සඳහා  නවසීලන්තය විවෘත කළ බව එරට අග්‍රාමාත්‍යවරිය ජැසෙන්ඩා එර්ඩර්න් මාධ්‍ය හමුවේ පවැසුවාය.

දේශසීමා විවෘත කිරීමත් සමග ඊයේ (2) නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර බලා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් සහ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරවල සිට මගී ගුවන් යානා දෙකක්  පැමිණි බවත්, එම ගුවන් යානාවලින් ආ විදේශිකයන් වෙනුවෙන් පිළිගැනීමේ උත්සව පැවැත්විණි. නවසීලන්ත ස්වදේශීය වැසියන් වන  මෞරිවරුන්ගේ සංස්කෘතික අංග සහ ගී ගායනා ද එම පිළිගැනීමේ උත්සවවලට ඇතුළත් විය. පැමිණි විදේශිකයන්ට චොකලට් සහ රසකැවිලි ප්‍රදානයක් ද සිදුවුණු බව පැවැසෙයි.