
ජලය බෙදා හැරීමේ පද්ධතියේ අත්‍යාවශ්‍ය නවීකරණ කටයුතු හේතුවෙන් ලබන සෙනසුරාදා (21) රාත්‍රී 10 සිට පැය 10 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව, කොළඹ 12,13, 14 සහ 15 යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය නිවේදනය කළේය.
මීට අමතරව කොළඹ 01 සහ 11 ප්‍රදේශවලට එම කාල සීමාවේදී අඩු පීඩනයක් යටතේ ජලය සපයනු ඇති බව ද ජල සම්පාදන මණ්ඩලය සඳහන් කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval