
අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක අද දින අධිකරණයට ඉදිරිපත් කෙරුණ අතර
සතියක කාලයක් සදහා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙයි. කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ලබාදුන් නියෝගයකට අනුව මෙසේ බන්ධනාගාර ගත කෙරිණි.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් බස්නාහිර හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා සහ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ සේවකයා ද මෙලෙසම එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval