wanathawilluwa-woman-murder
අනියම් සැමියෙකුගේ අමානුෂික පහරකෑමකට ලක්ව වනාතවිල්ලුව වගාව ප්‍රදේශයේ දෙදරු මවක තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි වාර්තාවේ. මෙම ඝාතනය පෙරේදා 24 වැනිදා සිදුව ඇති අතර මියගොස් ඇත්තේ වගාව ගම්මානයේ පදිංචිව සිටි 50 හැවිරිදි ලලිතා පෙරේරා නමැති දෙදරු මවකි.  වසර දෙකකට පෙර මෙම කාන්තාව කුකුළු ගොවිපොළක සේවයට පැමිණි 34 හැවිරිදි පුද්ගලයකු සමග හාදකමක් පවත්වාගෙන කලක් එකම නිවසේ වාසය කර ඇති අතර දෙන්නා අතර ආරවුල් සිදුව තිබේ.

පසුව ඔහු නිවසින් පිටව ගොස් තිබූ අතර මෙම සැකකරු කාන්තාවගේ නිවසට පෙරේදා (24) රාත්‍රී කඩා වැදී ඇයට තියුණු ආයුධයකින් පහර දී ඇත.
එහිදී තුවාල ලැබූ කාන්තාව ජීවිතය බේරා ගැනීමට දිව යමින් සිටියදී ඉඩමේ ගේට්ටුව අසල ඇද වැටී ඇති  අතර පසුපසින් පැමිණි සැකකරු ඇය බිම ඇද වැටී සිටියදීත් දිගින් දිගටම තියුණු ආයුධයකින් දරුණු ලෙස පහර දී මරා දමා ඇත.
 මෙම ඝාතනයට සම්බන්ධ 34 හැවිරිදි සැකකරු ඝාතනයට යොදාගත් තියුණු ආයුධයද සමග අත්අඩංගුවට ගත් බව වනතවිල්ලුව පොලිසිය කියයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් එම පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර  ඔහු පහර දෙමින් වද දෙන බවට ඝාතනයට ලක්වූ කාන්තාව අවස්ථා දෙකකදී පොලිසියට පැමිණිලි කර තිබූ බව ද කාන්තාවට පහර දී  දෑත්වල ඇගිලි කපා කාන්තාව කලක් රෝහල්ගතව සිටි බවත් පොලිසිය කියයි.

ගම්වාසීන් මැදිහත් ඝාතනයට ලක් වූ කත බොහෝ ආරවුල් වලදී බේරා ඇතිමුත්අවසන් අවස්ථාවේදී ඇයව බේරාගන්නට බැරිව ගොස් තිබේ.
මරණය සම්බන්ධව මහෙස්ත්‍රාත් පරික්ෂණය ඊයේ 25 වැනිදා දහවල් පැවැත්වීමට නියමිතව තිබිණි. සැකකරු අධිකරණයට ඉදිරැිපත් කිරීමටද නියමිතය.වනාතවිල්ලුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.