Fewer-people-join-the-public-service-from-today-but-salaries-are-not-being-cut

රජයේ සේවකයන් රාජකාරී සදහා කැදවීම අද සිට සීමා කෙරෙන අතර ඒ ඒ සේවා ස්ථානවල අත්‍යවශ්‍ය රාජකාරී කන කණ්ඩායම් පමණක් සේවයට කැඳවා අනෙක් අය මාර්ග ගත ක්‍රමයට සම්බන්ධ වන බව වාර්තාවේ.

මෙසේ කෙරුණුද වැටුප් කප්පාදුවක් සිදු නොකරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
පවතින සම්පත් හිගය මත රාජ්‍ය වියදම් අවම කර ගැනීම සදහා රාජ්‍ය ආයතනවල සේවකයන් කැදවීමට සීමා කිරීමට අදාළ චක්‍රලේඛය ඊයේ නිකුත් වූ අතර ඒ අනුව ආයතන ප්‍රධානීන් සිය ආයතන වල වෙනස්කම් සිදු කරන්නට නියමිතය.

රජයේ කාර්යාලවලින් ජනතාවට සිදුවන මහජන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යා යුතු වීම හා අත්‍යවශ්‍ය අවම නිලධාරීන් කැදවා එම සේවාවන් පවත්වාගෙන යාමට සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීම එම නිවේදනය අනුව සිදුවිය.