
ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක අභාවප්‍රාප්ත වී ඇති බවට පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබෙන අතර මේ නිසා ඔහු සිය මුහුණු පොතේ සටහනක් පළ කර එය නිවැරදි කර තිබේ.
එහි ඔහු සඳහන් කරන්නේ,
“මා පිළිබඳව සමාජ මාධ්‍යජාලා වල සංසරණය වන ප්‍රවෘත්තිය සාවද්‍ය බවත්, මා සුවෙන් පසුවන බවත් මාගේ ප්‍රිය රසික රසිකාවියන් හට දන්වනු කැමැත්තෙමි.” යනුවෙනි.
මෙම අසත්‍ය පුවතට හේතුවී ඇත්තේ අනූව දශකයේ ජනප්‍රිය චිත්‍රපටි ගායකයකු වන වික්ටර් විජයන්ත මහතා පසුගිය සතියේ කැනඩාවේදී අභවප්‍රාප්ත වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පැතිර ගිය ආරංචිවල සමාන නම් පැවතීමයි.
77වැනි වියෙහි පසු වූ වික්ටර් විජයන්ත මහතා කුරුල්ලෝ පියඹා ඇවිදින්, සඳේ ආලෝක ධාරව මම වේ, සඳ මංගල නෞකාවේ, පෙම්පාට දේදුන්න, මේ මල් පොකුරේ ඔබ සුවඳයි වැනි ගීත ගායනා කර ඇත.
ප්‍රවීණ ගායිකා මායා දමයන්ති පෙරේරා ගේ සැමියා වන ඔහුට දියණියන් දෙදෙනෙකු සිටි අතර ගායිකා කුෂානි සඳරේඛා සහ නර්තන ශිල්පිණි සචිනි නිරාෂා ය.
මෙම වැරදි පුවත ගැන වික්ටර් රත්නායක නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval