udayanga-weeratunga-speaks

ගෝඨාභය රාජපක්ෂ ජනපතිගේ පුංචි අම්මාගේ පුතා වූ උදයංග වීරතුංග පළමුවරට රාජපක්ෂ වරුන්ට ඇඟිල්ල දිගුකරමින් යූටියුබ් සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වා තිබෙයි. පසුගිය දිනවල සිය ෆේස් බුක් පිටුව ඔස්සේද ජනපතිගේ ක්‍රියාකලාපය විවේචනය කළ උදයංග මෙම සාකච්ඡාවේදී මහින්ද අගමැති ධූරයෙන් ඉවත්කර රනිල් පුටුවට පත්කිරීමට විරෝධය පළ කර ඇත.
එසේම මිරිහානේ බස් එක ගිනි තැබූ කෙනා තවම හොයාගන්න බැරිවීමත්, තමන්ගේ දෙමාපියන්ගේ සොහොන ජනතාව ගිනිතබන තුරු එය රැකගන්නට අසමත්වීමත් ගැන ජනපති ගෝඨාභය රාජපක්ෂට චෝදනා එල්ල කර තිබේ.
ටෘත් විත් චමුදිත වැඩසටහනේදී ඔහු මෙසේ කියයි.
‘2019 ගෝඨාභය තෝරගත් එක වැරදි තීන්දුවක්.මෙච්චර ජනවරමක් තියාගෙන රට තිබුණ තැනටත් වඩා අගාධෙට  දාන්න හේතුවුනේ ඇයි කියල මං දන්නෙ නැහැ. මේවට වගකියන්නේ අයියා විතරක් වුණානං ඒක මං අයියගෙන් අහනවා. අයියගෙ නායකත්වයෙන් ඉන්න හෙංචයියො නිසා සමහර දේවල් හරි විදිහට සිද්ධ වුනේ නැහැ.
ජනාධිපති අගමැති අතර පාලමට අතරමැදියො ආවම තමා මේ දේවල් වුනේ.. අතරමැදියෝ දෙකක් ඉන්නවා.. වියත්මගේ කන්ඩායම ඉන්නවා නෙළුම් මාවතේ කණ්ඩායම ඉන්නවා. මේ අය අතර ගැටුම නිසා වුනේ. නෙලුම් මාවත කියන්නේ පොහොට්ටු කන්ඩායම එය විශාල පක්ෂයක්. බැසිල් ජාතික සංවිධායක විදිහට ගොඩනැගුවට ඒක වෙනස්. එහි මහින්දගෙ අදහස් තියෙන්නෙ. වියත්මග ගෝඨගෙ අදහස් තියෙන්නෙ.
මේ ජයග්‍රහණය පසුපස පොදු ජන පෙරමුනේ සම්පූර්ණ ඡන්ද මහින්ද වෙනුවෙන් ආ ඡන්ද තියෙන්නෙ... එදා දිනපු අය කිව්වෙ අගමැති ගේ පිංතූරෙ ගහන් ඉදල අපි දින්නෙ කියල.



අගමැති ඉවත්කිරීම වියත්මග උවමනා විදිහටයි වුනේ. මගේ මැරිච්ච ලොකු අම්මා වගේම ජනාධිපතිගේ පුංචි අම්මත් අද හිටියනං මහින්ද ඉවත්කිරීමට කැමති වෙන්නේ නැහැ.
ඇයි අගමැති තුමා ඉවත්වුනේ. ජනමතය කියන්නෙ ගෝල්ෆේස් එකේ අරගලය කරන අයවත් ෆේස් බුක් කරන අයවත් නෙමේ. මහපොලොවෙ යථාර්ථය එතැන තියනව කියල මං හිතන්නෙ නැහැ.
ජනතාව කුපිත කෙරුවැයි කියන රැස්වීමෙ මං හිටියා. ආපු ජනතාව ගෝල්ෆේස් යවන්න සූදානමක් තිබුනෙ නැහැ. අගමැතිගෙ කන්ඩායම උසිගැන්වීමක් කරේ නැහැ.නමුත් ඔවුන් ගියා ඔවුන්ගෙ කැමැත්තෙන්.

මේ වගේ ගැටුමක් නතර කරන්න බැරිවුනේ ඇයි. මගේ විශ්වාසය එතැන හිටි ආරක්ෂක අංශ අය ඉතාම දක්ෂ අය එහෙම තියෙද්දිත් එහෙම වුනා. ජනාධිපති නියෝග දුන්නට ක්‍රියාත්මක වුනේ නැහැ.

ගෝල්ෆේස් එකේ  කියන්නෙ ගෝටාගෝහොම් කියල මිස වෙන එකක් නෙවේ. දැන් එයා රනිල්ව පත්කරගත්තා මහින්ද ඒකට කැමැතියි කිව්වට එයා කැමති නැහැ.එයයි බැසිල් යටින් ඉන්න කතා බොරු.

රනිල් වික්‍රමසිංහයි ගෝඨාභයයි ගැලපෙනවා දෙන්නටම ක්‍රෝධය වෛරය වැඩියි.
තවම කෙළවිලා නැහැ රට තවම ගොඩගන්න පුළුවන් ඒ රටේ නිලධාරින්ගෙ තොරතුරු මත හරි තීන්දු අරගෙන කලොත් ගොඩ යාවි.
නමුත් එයා ගැන විශ්වාසය දැන් අඩුයි. තමන්ගෙ අම්මා තාත්ගෙ සොහොන ආරක්ෂා කරන්න බැරිනං අපිව ආරක්ෂා කරයිද මැද මුලන හෝ කාල්ටන් විනාස කරල තියනව නමුත් ගිනි තියල නැහැ.. ගිනි තිබ්බෙ මගේ අයිය කෙනෙකුගෙ ගෙදරක්. ඒත් සොහොන විනාශ වුණා.

ගෝටා කාමරේ දොරවහගෙන වැඩ කරනව. මිනිස්සු එක්ක කතා කරන්නෙ නැහැ. රට පාලනය කරන්න එයාට තේරුම මදි. මහින්ද එහෙම නැහැ හිටියේ මිනිස්සු එක්ක.මෙයාට කතා කරන්න බැහැ කේන්ති යනවා. එක දෙයක් විතරක් හිතනවා තමන්ගෙ මත විතරයි. හමුදාවෙ ඒක පුලුවන්. රට පාලනයට එහෙම බැහැ. සමහර වෙලාවට ප්‍රශ්නවල උත්තරේ ඇත්තම එක නෙමේ. මිනිස්සුන්ට ඕන දේ. ඒක මෙයාට තේරෙන් නැහැ.
දේශපාලන බුද්ධිය කියන්නෙ ඒකයි. ඒ බුද්ධය තිබුණ අගමැති තුමා එයාගෙ ළඟම උපදේශක කරගත්තෙ නැහැ.

මේ අවුරුද්දෙක් ගොඩගත්තොත් ගෝඨාභයට දේශපාලනයට අනාගතයක් තියේවි.
මෙහෙම තින්දු ගන්න ගිහින් වැරදුනේ ගෝඨා ආරක්ෂක නිලදාරියෙක් විදිහටම හිතන නිසා.
තමන්ගෙ අම්ම තාත්තගෙ සොහොන ආරක්ෂා කරන්න තමන් දුන් නියෝග ක්‍රියාත්මක කරන්න බැරිවීම ගැටලුවක්. මේවට විරුද්ධව මහින්ද කතා කරන්නෙ නැහැ.
රාජපක්ෂ දේශපාලනය මෙතැනින් ඉවරවෙයි කියන්න බැහැ.

හැබැයි ඇමරිකානු විරෝධි හා ඇමරිකානු හිතවාදී කන්ඩායම් දෙක අතර ප්‍රශ්නය පක්ෂය ඇතුලෙ තියෙන්නෙ.
කොරෝනා කාලේ පිටරට ඉන්න ලාංකිකයෙකුට රටට එන්න දුන්නෙ නැති එකම රට මේක. ඒ අය වෛරය ඇති කරගත්තා. වියත්මග අය තමා වැරැද්දුවේ.. වියත්මගේ අයගෙ නම් කියන් බැහැ.
වියත්මගේ අය කියා තිබුනේ අගමැති හා සම්බන්ධ අය හොරු නිසා ඔවුන් ඈත් කර සිටිම යහපත් බව. එයා ඇන්දුනා ඒ නිසයි වැරදුනේ.
බස් එක පිච්චුව කෙනා තාම හොයාගෙන නැහැනෙ.. සොහොන කුඩු කරනකං ඒ අවශ්‍ය දත්ත හරිවිදිහට ක්‍රියාත්මක කරන්න බැරිනු එකත් එහෙමනේ. ඒක වුණාට පස්සෙ කතා කරල වැඩක් නැහැ.
මං මේව මූණටම කියල තියනවා..එයා බැණල තියනවා..
සාමාන්‍යයෙන් අපේ පවුලෙ ඔය වගේ බැනුම් අහන එක නිතරම වෙනවා.ගොඨා බනින්නෙ තර්ජනෙන් මහින්ද බනින්නෙ ආදරෙන්.
මට විවිධ චෝදනා තියනවා. ඒත් මං අහුවෙන්නැති හොරෙක්. ඒ කියන්නෙ නීල කාස හොරෙක්.
මාව අද රටින් පිටවෙන්න බැරිවෙන්න තහනම් නියෝග කරලා  හැංගිලා තමා ඉන්නෙ.
ඩුබායි මැරියට් හෝටලේ..යුක්රෙන් වල යුරෝපයේ යකඩ කර්මාන්ත ශාලාව . උගන්ඩා වලත් මගේ දේවල් තියනවා කියනවා ඒ විතරක් නෙමේ තායිලන්තෙ ලෝකයේ විහාලතම ගණිකා ව්‍යාපාරයත් මගේ කියල කියන්නෙ..
 මං මේව කිව්වට පස්සේ ගෝටාභය මාව තව පාරවල් වල ඉදිරියට යවාවි.
හැබැයි මිග් ගනුදෙනුව ගැන තාම අනුර කුමාර නඩු දැම්මට ඔප්පු කරල නැහැ.
ඒක අහුවුණත් මං නෙමේ අත්සන් තබල තියෙන්නෙ..මිග් ෆයිල් ගැන කතාවෙනවනම් මං කැමතී. කැබිනට් පේපර් එක අනුමත කරේ ගෝඨාභය. මං අහුවෙන් නැහැ.

මං රටින් පනින්න සූදානමින් නෙමේ ඉන්නෙ. මං අවුරුදු 7 ක් විතර ඒ විදියට ඉන්න වුනා ඒත් ඒ චරිතෙ රඟපාන්න ආයි සූදානම් නෑ.අද දරුවො බිරිඳ බය නැහැ ඔවුන් අවුරුදු 5 ක් ම මං නිසා ඉවසං හිටියා.