
පසුගිය 9 දා රාත්‍රී ඇඳිරි නීතිපැනවූ කාලයේ මැදමුලනේ මහින්ද රාජපක්ෂට අයත් පාරම්පරික නිවස ගිනිතබා විනාශ කළ බවට වාර්තා පළවූ නමුත් සත්‍ය ලෙසම ගිනි තබා ඇත්තේ රාජපක්ෂ පවුලට සම්බන්ධ කෙනෙකුගේ වෙනත් නිවසක් බවත්
මහින්ද රාජපක්ෂගේ මහගෙදර හෝ කාල්ටන් නිවසට අලාභ සිදුකරන ප්‍රහාර එල්ලවූ නමුත් ගිනි තබා නැතැයි රාජපක්ෂ ඥාතී උදයංග වීරතුංග තහවුරු කර දන්වා සිටී.ඔහු පවසන්නේ මෙහිදී එම නිවාසවලට විශාල හානියක් සිදුව නැති බවයි. එසේ නමුත් රාජපක්ෂ මාපියන්ගේ සොහොන කඩා විනාශ කිරීම දැරිය නොහැකි පාඩුවක් බව ඔහු පෙන්වා දෙයි.
‘ මැද මුලන හෝ කාල්ටන් විනාස කරල තියනව නමුත් ගිනි තියල නැහැ.. ගිනි තිබ්බෙ මගේ අයිය කෙනෙකුගෙ ගෙදරක්. ඒත් සොහොන විනාශ වුණා.‘ ඔහු ටෘත් විත් චමුදිත වැඩසටහනේදී පැවසීය.


Comments
Post a Comment
Your comment will be visible after approval