
පසුගියදා රජයේ ක්‍රියා පිළිවෙත විවේචනය කරමින් ස්වාධීන වූ පොහොට්ටු කන්ඩායමේ දෙන්නෙකු එම ප්‍රතිපත්ති අතහැරදමා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ දෑත්ශක්තිමත් කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ.
දේශපාලන ආරංචි වාර්තා කරන්නේ සුසිල් ප්‍රේමජයන්ත හා අනුර ප්‍රියදර්ශන යන අය මේ වෙනසට ලක්ව ඇති බවයි. ඒ අනුව අද දිනයේ නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතාත්, කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස අනුර ප්‍රියදර්ශන මහතාත් දිවුරුම් දීමට නියමිත බව ආරංචි මාර්ග වාර්තා කර තිබේ.
සුසිල් ප්‍රේමජයන්ත මීට පෙර රාජ්‍ය ඇමති ධූරයක් දරමින් සිටියදී දෙල්කඳ පොලේදී රජය විවේචනය කිරීමේ චෝදනාව මත පසුදාම ධූරයෙන් නෙරපූ අතර ත්‍රී රෝද රථයක නැගී අමාත්‍යංශයෙන් නික්මී ගියේ පරණ පුරුදු ලෝයර් රස්සාවට යන බව කියමිනි. මාස දෙකක් යන්න පෙර ඔහු ‘අධ්‍යාපන ඇමති‘ පදවිය දරන්නට වාසනාවන්ත වී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval