අරලිය ගහ මන්දිරය අසල පැවැත්වෙන විරෝධතාවයට සම්බන්ධ වූ නීතීඥවරුන්  අධිකරණ නියෝගය අවභාවිතාවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි.


''මූලස්ථාන පරික්ෂකතුමා හම්බුනා.මේකට දුන්න අධිකරණ නියෝගය සම්බන්ධයෙන් කොයි විදිහටද ඉදිරිකටයුතු වෙන්නේ කියලා තමයි එතැනදි කතා උනේ.

ඒ අනුව අපි කිව්වේ මෙතැන තියෙනවා බස් 11 විතර නවත්තලා එතකොට මේ බස් 11 ඉවත්කිරීම කරන්න ඕන.එහෙම නැතුව මෙතන විරෝධතාවයේ ටෙන්ට් එක හරි ඒ මොනා හරි ගන්න කියනවනම් ඒක සාධාරණ නෑ.

මොකද පොලිසිය ගැන මේ රටේ ජනතාව ගැන ඉතාම සැකයක් තමයි තියෙන්නේ.දිගින් දිගටම පොලිසිය කරපු අකටයුතුකම් තියෙනවා.මෙතැන තියෙන ටෙන්ට් වගේ දේවල් ඉවත් කරාට පස්සේ තව දුරටත් ඒ අය මේ නවත්තලා තියෙන බස් ඒ විදිහටම තියන්න ඉඩකඩකුත් තියෙනවා.

ඒ වගේ යම් සැක සංකාවක් මත අපි කිව්වේ පළවෙනි මතේ විදිහට ඕගොල්ලෝ මෙතැන තියෙන බස් ටික ඉවත් කරන්න කියලා.

ඒ ඉවත් කරලා මොකද අපිත් ඒ අයට උපදෙස් දෙන්නම් මේ දේවල් ඉවත් කරන්න මාර්ගයේ මොනවාහරි බාධාවක්තියෙනවනම්.අපිට පොලිසිය යම්කිසි විදිහකට මේ විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් අධිකරණය දීලා තියෙන අධිකරණ නියෝගය සීමාව ඉක්මවා අධිකරණ නියෝගය අවභාවිතා කරනවානම් ඒකට ඉඩ දෙන්නත්බෑ... ''