kanchana-wijesekara-speaks

විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් මේ දිනවල පෙට්‍රල් හිඟයක් වෙළෙඳපොළෙ නිර්මාණයවී ඇත්තේ පසුගිය දිනවල බෙදාහැරීම් අංශ වල වෘත්තීය ක්‍රියාමාර්ග සිද්ධවූ නිසා බවත් පෙට්‍රල් හිඟය දින 3 කින් නිවැරදි වනු ඇති බවත් කීය.



කෙසේ වෙතත් ඩීසල් හිඟය ගැන දැන්ම පැවසිය නොහැකි බවත් ලබන ඉරිදා සවස නොරොච්චෝලේ යථා තත්වයට පත්වනතුරු විදුලි බල නිෂ්පාදනයට ඩීසල් සැපයීමට සිදුව ඇති බවත් කීය.
එසේ නොකරන්නේ නම් පැය 3.20 විදුලි බල කප්පාදුව පැය 7 දක්වා ඉහළට දාන්නට සිදුවන බව කීය.
මේ නිසා ඩීසල් ප්‍රශ්නය ලබන සතිය වනතුරු විසඳුම් දීමට හැකියාවක් නැතැයි කීය.
සපුගස්කන්ද පිරිපහදුව තවම වසා ඇති බවත් එම බරපතල තීන්දුව ප්‍රශ්න රැසකට බලපා ඇති බවත් ඉක්මණින් යළි විවෘත කරන්නට අපේකෂා කරන බවත් කීය.