woman-speaks-parliament-protest

පාර්ලිමේන්තුව අසලදී විරෝධතාවයේ නියුතු කාන්තාවක මාධ්‍ය වෙත තම අදහස් දක්වා තිබුණේ මෙලෙසිනි.


''ඇත්තටම පොලිස් මහත්වරුන්ට මම කිසිම දෙයක් කියන්න කැමති නෑ.මොකද ඒ අයට දීලා තියෙන අණ තමයි ඒ අය පිළිපදින්නේ.මට යන්නත් දුන්නා ඒ නිසා මම කිසි දෙයක් කියන්නෙ නෑ ඒ අයට.

ඉස්සෙල්ලා ලොකු වාහන තදබදයක් අතන.මොකද වෙනදට මෙතනින් යන වාහන වලට යන්න විදිහක් නෑ.ඇයි ඒ මේ 225 දෙනා ඇතුලට ගිහිල්ලා මොනව කරනවද මං දන්නේ නෑ.මෙච්චර කල් රට කෑවා , ආර්ථිකය කෑවා දැන් ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් ඒ අයට නෙවෙයි ඒගොල්ලෝ දැන් කාලා ඉවරයි.IMF එකටත් ගොඩගන්න බෑ.ආර්ථිකය ගොඩගන්න පුළුවන් අතන ඉන්න මහජනතාවට.ඒ මහජනතාටව කරදරයක් වෙලා මේ 225 දෙනා මොනාද ඇතුලට වෙලා කරන්නේ.මම පාර්ලිමේන්තුව ගාවින් ගියා එතැනින් යනකොට මන්ත්‍රිවරයෙක් එයාගේ වාහනයේ ඉදගෙන මට හිනා වෙලා අතවැනුවා.

එයාට ලැඡ්ඡ නැද්ද මෙච්චරත් රට කාලා මේ ඉන්න මහජනතාවට අත වනන්න.එයාගේ තැන මම හිටියානම් මම මෙලහකටත් ඉල්ලා අස් වෙලා.එහෙම නැතිනම් මොකක් හරි වෙලා ඉල්ලා අස් වෙන්න නැතුව මට පාර්ලිමේන්තුවට යන්න උනානම් මම යන්නේ අපරාධකරුවන්ව හිරේට ගෙනියන්නේ සරමකින් ඔළුව වහගෙන එහෙම යන්නේ .එච්චර ලැඡ්ඡයි කරලා තියෙන වැඩේට බලන්න මේ ආර්ථිකය තව තව සවුත්තු කරන හැටි නවත්තන්න කියන්න මේක.ඕගොල්ලො කරන මේ චූටි පාර වැස්මෙන්ම ආර්ථිකය කැඩෙනවා.''