tamilnadu-ship-food-sri-lanka

පසුගියදා දකුණු ඉන්දීය දේශපාලකයින් ශ්‍රී ලංකාවේ දරුණු ආර්ථික ගැටලුවෙන් තාවකාලිකව හෝ මිදීමට සහයෝගයක් ලෙස අරමුදල් රැස්කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන ලද අතර ඒ අනුව රැස් කළ ශ්‍රී ලංකා රුපියල් කෝටි 200 කට වැඩි වටිනාකමින් යුත් ආධාර තොගයක් පසුගිය 18 වනදා තමිල්නාඩුවෙන් ශ්‍රී ලංකාව බලා පිටත්වුණ අතර

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිට අද (22) කොළඹ වරායට ළගාවීමට නියමිතය.
සහල් මෙට්‍රික් ටොන් 9000 ක් සහ කිරිපිටි ටොන් 50 ක් සහ ඖෂධ හා වෛද්‍ය උපකරණ ටොන් 25 ක් ඒ අතර ඇති බව පැවසිණි.
මේවා බෙදාහැරීම සම්බන්ධීකරණය කරන්නේ කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේය.
උතුර – නැගෙනහිර – මධ්‍යම සහ බස්නාහිර පළාත්වල අවශ්‍යතා සහිත ජනතාව වෙත බෙදා හැරෙන බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දන්වා ඇත.
තමිල්නාඩු රජය තවත් කෝටි 350 ක ආධාර මේ ආකාරයට ඉදිරියේදී එවන බවට පොරොන්දුවී ඇත.