
ඊයෙ (21) පැවති ඕස්ට්‍රෙලියානු මහමැතිවරණයෙන් වික්ටෝරියා ප්‍රාන්තය වෙනුවෙන් තරග වැදුණු ශ්‍රී ලාංකික සම්භවය සහිත 34 හැවිරිදි කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු ජයග්‍රහණය කර තිබේ. ඕස්ට්‍රෙලියානු මහමැතිවරණය ජයගත් කම්කරු පක්සයේ අපේක්ෂිකාවක ලෙස තරග වැදුණ ඇයට ඡන්ද 39185 ක් ලැබී ඇති අතර ඇයගේ ප්‍රාන්ත ප්‍රතිවාදියා වූයේ තවත් ශ්‍රී ලාංකික සම්භවය සහිත අයෙකු වන රාන්ජ් පෙරේරාය. ඔහුට ඡන්ද 28777 ක් ලැබී ඇත.
ශ්‍රී ලාංකික සම්භවය සහිත පළමු කාන්තාව ලෙස ඒ අනුව ඇය ඕස්ට්‍රෙලියානු පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ.ඇගේ වයස 11 දී 1999 දී ඇය එරටට සංක්‍රමණයවී ඇත. සත්කාරක සේවා හා අධ්‍යාපන සහාය සම්බන්ධ උපාධියක්ද ඇය එරටදී හදාරා තිබේ.
කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු,රාන්ජ් පෙරේරා හා විරෝෂ් පෙරේරා මෙවර තරග වැදුණු ශ්‍රී ලාංකික සම්භවය සහිත අයයි.





Comments
Post a Comment
Your comment will be visible after approval