sri-lanka-cricket-coach

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතාවල අඩුවක් නොමැති බවත්, ඔවුන්ට විශ්වාසය ලබාදෙමින් වැඩකිරීම තම අරමුණ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්. කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු එංගලන්ත ජාතික ක්‍රිස් සිල්වඩ් පවසයි.  සිය පත්වීම භාර ගැනීමෙන් පසු ඊයේ (04දා) කොළඹදී පැවැති පළමු මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවසීය. "ඇත්තටම ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳ පිතිකරුවන් ඉන්නවා.

නමුත් ඔවුන්ට ලොකු ඉනිම ක්‍රීඩා කරන්න විශ්වාසය අවශ්‍යයි. ඒ වගේම පන්දු යවන්නන්ටත් යමක් දෙන්න අවශ්‍යයි. අපි දැනටමත් ඒ සඳහා පුහුණුවීම් පටන් අරන් තියෙන්නේ. ඔවුන්ගේ වැඩිදියුණුවක් පසුගිය සතියක පමණ කාලයේදීත් මම දැක්කා. ඉදිරියේදී අපිට ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් ශතක වාර්තා කිරීම්, දක්‍ෂ උඩපන්දු රැක ගැනීම් දැකගන්න අවශ්‍යයි” යැයි හෙතෙම මෙහිදී පැවසීය.පසුගිය අප්‍රේල් මස මැදදී සිය නව තනතුරෙහි වැඩ භාරගත් සිල්වර්වුඩ් මෙහිදී තම දිගුකාලීන සැලසුම් පිළිබඳ අදහස් දක්වමින් පැවසුවේ, ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගතකිහි ඉදිට රැගෙන ඒම තම මූලික අරමුණ බවයි. තම ඉලක්කය කරා යාමේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමගින් සන්නිවේදනය කිරීම අභියෝගයක් විය හැකි වුවත්, සහාය පුහුණුකරු නවීඞී නවාස් එම කටයුත්ත වෙනුවෙන් සහාය වන බවද හෙතෙම මෙහිදී වැඩිදුරටත් පැවසීය. මෙහිදී ඔහු තවදුරටත් පැවසුවේ, ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියේදී කාර්යබහුල තරග කාල සමයක් පවතින බවත්, එය කණ්ඩායමේ රිද්මය ගොඩනංවා ගැනීමට හොඳ අවස්ථාවක් බවත්ය.



සිල්වඩ්වඩ් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමට පෙර, එංගලන්ත එසෙන්සේ හා එංගලන්ත ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු  ලෙස කටයුතු කළේය. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස ක්‍රියාකරන නවීඩ් නවාස් තම කාර්යභාරය පැහැදිලි කරමින් පැවසුවේ, නව ප්‍රධාන පුහුණුකරු හා ක්‍රීඩකයන් අතර සන්නිවේදනය පහසු කිරීම මෙම කණ්ඩායමේ පිතිකරණ අංශය දියුණු කිරීම තම කාර්යභාරය බවයි. කණ්ඩායමක් ලෙසින් ක්‍රියා කිරීමේදී එහි මනා වැදගත්කමක් ඇති බවත් ඔහු මෙහිදී පැහැදිලි කළේය. මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙසින් පත්වූ මහින්ද හලංගොඩ මහත්මාද සහභාගි විය.

(ඕෂිත වරකපිටිය)