elon-musk-twitter

ලොව ජනප්‍රියතම කෙටි පණිවුඩ සේවාව වන Twitter හි ගිණුම් පවත්වාගෙන යන සමාගම් සහ රජයන්ගෙත් ඒ සදහා යම් ගාස්තුවක් අයකර ගැනීමට එහි නව හිමිකරුවා වන සුප්‍රසිද්ධ ව්‍යාපාරික එලෝන් මස්ක් අදහස් කරගෙන ඇතැයි වාර්තා වෙයි.

ේ හරහා Twitter සමාගමේ ආදායම  තවදුරටත් ඉහළ නංවා ගැනීම අරමුණ වී තිබේ. පසුගිය සතියේදී ඔහු එක්සත් ජනපද ඩොලර් බිලියන 44ක මුදලකට මෙම Twitter සමාගම මිලදී ගත්තේය.  ඒ අනුව සිය පරිපාලනය යටත් Tweetr වෙබ් අඩවිය භාවිතයට නොමිලේ අවස්ථාවක් හිමිනොවෙනු ඇතැයි ඔහු ඊයේ සිය Twitter ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ.



"Twitter සැමවිටම සාමාන්‍ය පරිශීලකයන්  සදහා නොමිලේ ලබාදේවි . ඒත් වාණිජමය  සහ රාජ්‍ය මට්ටමේ භාවිතාවන් සදහා යම් ගාස්තුවක් අය කරන්න සිදුවේවි.” ඔහු සඳහන් කර ඇත. එසේම තවත් ට්විටර් පණිවුඩයක් තබන ඔහු, "කිසිවක් නොමැතිව සිටිනවාට වඩා මොනයම් හෝ ආදායමක් ලැබීම හොද දෙයක්." යනුවෙන්ද පවසා ඇත.  Twitter සමාගමට අනුව අද වනවිට එක්සත් ජනපදය තුළ පමණක් ආසන්න වශයෙන් මිලියන 40ක සංඛ්‍යාවක් Twitter වැඩසටහන පරීශිලනය කරයි.