අද දින නියෝජ්‍ය කතානායකවරයෙකු පත්කිරීමේ ඡන්ද විමසීමෙන් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු සභා වාරයේදී සිය අදහස් මෙසේ දිගහැරියා.



"එක දෙයක් පැහැදිලි වුනා මේ සභා ගර්භයේ ඡන්දය ලබාදීමේ ක්‍රියාවලිය තුළ විවිධ අයගේ විවිධ පැටිකිරියන් මුළු රටටම හෙළි වුනා.

විවිධ අය එක එක විදියට රඟපාලා එළියට දෙන පණිවිඩය රටම අන්ඳවන විපක්ෂභාවයක්,විකෘතිභාවයක් ,ජනතාව රැවටීමක් ඒ සියල්ලම එළියේ අයට තේරුණා.එවන් අවස්ථාවක් අද වුනේ..පොහොට්ටුවේ සහයෝගය සියඹලාපිටිය මැතිතුමාට ලබා දෙනවා කියන පණිවිඩයත් එක්ක තමයි අපි වෙනස් වුනේ.. ඒ මොකද අද සියඹලාපිටිය මැතිතුමාත් මේ ආණ්ඩුවේ රැකවලෙක් බවට පත් වුනා කියන එක කියන්න සිද්ධ වෙනවා. අපි මේ ආණ්ඩුවට විරුද්ධයි.ජනාධිපතිට විරුද්ධයි.විරුද්ධයි.."