sri-lanka-cabinet-government-expand-finance-minister

මුදල් අගහිඟකම් ඇති ශ්‍රී ලංකාව එහි ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට උත්සාහ කරන අදහසින්  "සර්ව පාක්ෂික ආණ්ඩුවක්" සකස් කර ඇති අතර සතියක් ගතවී සිකුරාදා (මැයි 20) තවත් ඇමතිවරුන් නව දෙනෙකු පත් කළ නමුත් තීරණාත්මක මූල්‍ය අමාත්‍යාංශය හිස්ව පවතින්නේ යයි සිංගප්පූරුවේ චැනල් නිවුස් ඒෂියා CNA වාර්තාවක විවේචනාත්මකව සඳහන්වේ.


එහි මෙසේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටීමේ අද්දරට ගෙනයාම සම්බන්ධයෙන් ගොඨාභය රාජපක්සගේ පාලනයට දොස් පවරමින් උත්සන්න වූ විරෝධතා හේතුවෙන් ජනාධිපතිගේ වැඩිමහල් සහෝදරයා වන මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු මේ මස මුලදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩ භාර ගත්තේය.
වික්‍රමසිංහ පසුගිය කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමෙන් පසු හරස් පක්‍ෂ හවුලක් ඇති කරන බවට ප්‍රතිඥා දී තිබුණි.

නව අමාත්‍යවරුන් - සෞඛ්‍ය, අධ්‍යාපනය සහ නීතිය ඇතුළු විෂයන් සම්බන්ධ විය.
 අමාත්‍යවරු - කොළඹ පිහිටි දැඩි ආරක්‍ෂාවෙන් යුත් නිල නිවසේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව රජය කෙටි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ප්‍රධාන විපක්ෂය වන SJB පක්‍ෂයේ ව්‍යවස්ථාදායකයන් දෙදෙනෙක් නව ආණ්ඩුවට එක්වීම සඳහා පතිපත්ති බිඳ දැමූහ.
තවත් විරුද්ධ පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති රාජපක්ෂට සහය දැක්වීමට එකඟ වූ අතර සිකුරාදා ඔවුනට එක් අමාත්‍ය ධුරයක් හිමි විය.


කෙසේ වෙතත් අර්බුදය මුදාගැනීමේ උවමනාවකට වඩා දේශපාලන ගැටලුවක් නිරාකරණයට උනන්දුවෙමින් සිටින බවත්අගමැතිවරයාගේ ක්‍රියාකලාපයෙන් පෙන්නුම් කරන අතර ඔහු විවිධ දොළපිදේනි සපයමින් පක්ෂ බිලීබාගන්නා බවට චෝදනාද එල්ලවී පවතී.
මෙතරම් ආර්ථික ගැටලුවක් පවතිද්දී අගමැති ඒ ගැනකථාකරමින් සිටින නමුත් තවම මුදල් ඇමති කෙනෙක් පත්කරන්නට උනන්දුවී නැත.