සී.ඩී. වික්‍රමරත්න මහතා අද (21) පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමට නියමිත බව අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.



මැයි 09 වැනිදා ගාලුමුවදොර පැවති උද්ඝෝෂණවලට රාජපක්ෂ අනුගාමිකයන්ට කඩා වැදී සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර භීෂණය ඇති කිරීමට ඉඩ සලසන ලෙස පොලිසියට නියෝග කරමින් ඔවුන්ට පහර දීම වික්‍රමරත්නට එල්ල වී ඇති චෝදනාවයි.

වික්‍රමරත්න මහතා සේවයෙන් පහකිරීමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා පත්කිරීමට ඉඩ ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.



මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධ කථාබහට ලක්වූ දේශබන්ධු තෙන්නකෝන් ජ්‍යොෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට මාරුවක් ලබාදෙනු ඇතැයිද වාර්තා පළව තිබේ.