scott-morrison-confirms-unauthorised-vessel-intercept

ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාව බලා යමින් තිබූ අනවසර යාත්‍රාවක් අද (21) අත්අඩංගුවට ගත් බව ඕස්ට්‍රෙලියානු අගමැති ස්කොට් මොරිසන්  විශේෂ ප්‍රාකාශයක් කරමින් සිදු කළේය. 


මෙය ආසන්න කාලයේ සිදුවූ දෙවන වැටළීමයි.


"ඔස්ට්‍රේලියාව බලා යාත්‍රා කරමින් සිටියදී ශ්‍රී ලංකාවෙන් ආ යාත්‍රාවක් අවහිර කිරීමක් සිදුවී ඇති බව මට තහවුරු කළ හැකියි. එම යාත්‍රාව රජයේ ප්‍රතිපත්තිවලට අනුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් එම සාමාන්‍ය ප්‍රොටෝකෝල අනුගමනය කරමින් සිටිනවා," ඔහු පැවසීය.
අද දින එරට මහමැතිවරණය පැවැත්වෙන අතර අගමැතිවරයා ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර අවසන් වරට පෙනී සිටිමින් සිඩ්නි හිදී සිදුකර තිබුනේ එම ප්‍රකාශයයි.

ස්වදේශ කටයුතු අමාත්‍යවරිය කැරන් ඇන්ඩෲස් මාධ්‍ය වෙත පැවසුවේ මෙම බාධාව මෑත දිනවල සිදු වූ දෙවැන්න බවයි.
"පළමු යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගන්නා ලදී ... අද උදෑසන ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් තවත් යාත්‍රාවක් ක්‍රිස්මස් දූපත අසලදී අත්අඩංගුවට ගෙන ඇත," ඇන්ඩෲස් මහත්මිය පැවසුවාය.