Morrison-loses-Australian-election-Labor-wins

මැයි 21 වැනිදා පැවැත්වූ ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීමට එරට කම්කරු පක්ෂයේ නායක ඇන්තනි ඇල්බනීස් සමත්ව තිබේ. අවසන් ප්‍රතිඵලය අනුව ආසන 72 ක් ඔහු ලබා ඇති අතර අවශ්‍ය බහුතරය වූ ආසන 76 හරිත පක්ෂය ඇතුළු පක්ෂ වල එකතුවකින් පසුකර ලබාගැනීමට ඔහුට හැකියාව ලැබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.


එරට ආණ්ඩුවේ කාලය වසර 3කි. හිටපු අගමැති ස්කොට් මොරිසන් මෙහිදී ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස ආසන 55 ක් පමණක් දිනා  මැතිවරණයෙන් පරාජයට පත්ව ඇත. අගමැති ධූරය සඳහා අපේක්ෂකයින් හය දෙනෙකු තරඟයේ සිටියද, ප්‍රධාන තරඟය මොරිසන්ගේ සභාගය සහ කම්කරු පක්ෂයේ නායක ඇන්තනි ඇල්බනීස් අතර පැවතිණි. ඔස්ට්‍රේලියාව යනු නීතියෙන් ඡන්දය ප්‍රකාශ කළ යුතු ලෝකයේ රටවල් කිහිපයෙන් එකකි. එසේ නොකරන අයට දඩ මුදල් අය කෙරේ.



 අගමැති ස්කොට් මොරිසන්ට පසුගිය මැතිවරණයේදීද කෙලින් ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි විය. ඔහු කුඩා පක්ෂවල සහාය ඇතිව ආණ්ඩුව පිහිටෙව්වේය. එලෙස එක්වූ ඔහුගේ හිතවතුන් දැන් ඔහුට විරුද්ධය. එබැවින් සෘජු ජයග්‍රහණයක් ලබා කිසිදු පක්ෂයකට නිරපේක්ෂ බහුතරයක් ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි මැතිවරණයට පෙර සිට අනාවැකි පළ විය. ආණ්ඩුව පිහිටුවීම සඳහා කුඩා පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල සහාය ලබා ගැනීමට සිදුවනු ඇතැයිද පැවසිණි.
කාන්තාවන්ට වෙනස්කම් කරන බවට චෝදනා එල්ල වීම නිසා මෙවර මැතිවරණයේ දී කාන්තා ඡන්ද ඉතා වැදගත් ලෙස සැලකිණි. ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ එක් කාන්තාවක් පමණක් අගමැතිනිය වී ඇති අතර ඇය ජූලියා ගිලාඩ් ය. ආණ්ඩුවේ වැදගත් තනතුරුවල පිරිමි පමණක් සිටීම පසුගිය කාලයේ විවේචනයට ලක්විය. පාර්ලිමේන්තුවේදී සේවක සේවිකාවක් ලිංගික සූරාකෑම සම්බන්ධයෙන් රටෙන් සමාව ගැනීමට මොරිසන්ට සිදු විය. මෙවර ඔහුගේ රජයට එරෙහිව කාන්තාවන් කතාකළ අයුරු වැඩි වශයෙන් දක්නට ලැබිණි.



ඕස්ට්‍රේලියාවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය සෙනෙට් සභාව ලෙසත් පහළ මන්ත්‍රී මණ්ඩලය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ලෙසත් හැඳින්වේ. පහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ලබා ගන්නා පක්‍ෂයේ හෝ සන්ධානයේ නායකයා අගමැති වෙයි. එහි ආසන 151 සඳහා ඡන්ද විමසීම සිදුවිය.
මේ සමඟ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ 50%ක ආසන සඳහාද ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය. එහි කාලය වසර 6ක් වන අතර සෑම වසර 3කට වරක් සාමාජිකයන්ගෙන් අඩක් වෙනස් වේ. මෙම මන්ත්‍රීවරුන්ගෙන් අඩක් සඳහා ඡන්ද විමසීම ද පැවැත්විණි.
වයස අවුරුදු 18 හෝ ඊට වැඩි සියලුම ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කළ හැකිය. අගමැති වෙන්න වයස් සීමාවක් නැත. එනම් ඡන්දය දිය හැකි වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින්ටත් මැතිවරණවලට ඉදිරිපත් වී අගමැති විය හැකියි.

මොරිසන් පරාජයට පත්වූවද කොවිඩ් යුගයේදීත් එරට ආර්ථිකය හොඳ මට්ටමක තිබුණි. මේ වසරේ එය 4.25%ක වර්ධනයක් අපේක්ෂා කරයි. විරැකියා අනුපාතය 4% ක් වූ අතර එය 2008 සිට අඩුම අනුපාතයයි. ආර්ථිකය සහ විරැකියාව වැනි ගැටළු සම්බන්ධයෙන් මොරිසන් සාර්ථක විය.
ඉන්ධන, විදුලිය සහ අනෙකුත් දේවල් මිල අධික වීම නම් ඔහුට ගැටලුකාරී විය. මොරිසන් මේ කාරණය සම්බන්ධයෙන් විරුද්ධ අදහස්වලට මුහුණ  දුන්නේය.


දේශගුණික විපර්යාස විශාල ප්‍රශ්නයක් විය. රජය ලැව් ගිනි හා ගංවතුරෙන් හානි අවම කිරීමට යෙදූ උපායන් සාර්ථක නැතිවූ අවස්ථා නිසා විවේචනයන්ට ලක් වී ඇත.
කාන්තාවන්ට වෙනස් කොට සැලකීම සහ සමාන අවස්ථා නොලැබීම ද විශාල ප්‍රශ්නයකි. මේ සම්බන්ධයෙන් විරෝධතා මේ දක්වාම ක්‍රියාත්මකයි.
ඕස්ට්‍රේලියාවේ ඡන්දය සෙනසුරාදා පැවැත්වී ගණන් කිරීම ආරම්භ වූයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වී පැය කිහිපයකට පසුවය. අවසන් ප්‍රතිඵල නිකුත් වූයේ ඉරිදා උදෑසනයි. කම්කරු පක්ෂයට බහුතරයක් සකසාගත හැකි නිසා ඔවුන්ට දැන් රජය පිහිටුවීමට ගැටලුවක් නැත.ඇන්තනි ඇල්බනීස් ඕස්ට්‍රෙලියාවේ මීළග අගමැතිවරයාය.