
ගෝඨාභය රාජපක්ෂ රජයේ අගමැති ධූරය සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ඇරයුමක් ලැබී ඇති බවට අද උදෑසන සිට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරමින් සරත් ෆොන්සේකා මහතා සිය නිල ෆේස්බුක් ගිණුමෙන් සටහනක් යොදා ඇත. එහි දැක්වෙන්නේ අගමැති කෙනෙකු අහිමිකරගෙන නව ආණ්ඩුවක් තනාගැනීම රාජපක්ෂලාගේ අර්බුදයක් බවත් එහි සහායක කොටස් කරුවෙකු වන්නට තමන් අකමැති බවත්ය. එසේම අවිහිංසාවාදී පුරවැසි අරගලයේ මූලික අරමුණු සාක්ෂාත් වනතුරු (එනම් ගෝඨාභය ගෙදරයාම) තමන් ජාතිය වෙනුවෙන් පෙනී සිටින බවයි.
එහි මෙසේ දැක්වේ.
‘අසත්‍ය ප්‍රචාර හරහා ජනතාව නොමඟ යැවීමේ උත්සාහය තරයේ හෙලා දකිමි.
ගෝටාභය රාජපක්ෂ ජනාධිපති ලෙස සිටින රජයක කිසිදු තනතුරක් ලබා ගැනීම එක හෙළා ප්‍රතික්ෂේප කරමි .
සමස්ථ ශ්‍රීලාංකීය ජාතියම සාමකාමී අවිහිංසාවාදී පුරවැසි අරගලයක් හරහා ඉල්ලා සිටින ප්‍රධාන ඉල්ලීම් සමග මමත් කොන්දේසි විරහිතව සිටගනිමි.
ගාලුමුවදොර විරෝධතා භූමියේ සිට රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, දැයේ දුවාදරුවන්ගේ අනාගතය වෙනුවෙන් හඬ නගන ජනතාවගේ ඉල්ලීම් පිලිබදව අතිශයින් සංවේදී වෙමි.
ආරම්භයේ සිටම අරගලයේ නියුතු අභීත සටන්කාමී පුරවැසි දූදරුවන්ට හදවතින්ම ආශිර්වාද කල මම කිසිවිටෙකත් ගාලුමුවදොර අරගලකරුවන් සමග සාකච්ඡාවකින් තොරව රාජපක්ෂලාගේ අර්බුදය විසදීමේ කොටස්කරුවකු නොවෙමි.‘

අගමැතිකමට සරත් ෆොන්සේකාට ජනපතිගෙන් ඇමතුමක්
Comments
Post a Comment
Your comment will be visible after approval