
අන්තර්වාර ආණ්ඩුවක් සඳහා පක්ෂ අතර සම්මුතියක් නොමැතිකම හේතුවෙන් පවතින දේශපාලන අවුල් සහගත තත්ත්වය බිඳ දැමීමේ නව උත්සාහයක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට අගමැතිකම පිරිනැමීමට සම්බන්ධ වී ඇතැයි තතුදත් ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් තමන් අගමැති ධූරයට පත් වුවහොත් රට පාලනය කිරීමට පාර්ලිමේන්තුවේ බහුතර බලය තහවුරු කර ගැනීමට අවශ්‍ය සංඛ්‍යා තමන් සතුව ඇති බව ෆොන්සේකාට ඔප්පු කළ යුතුව ඇත.
මේ වන විට නව අගමැතිවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක් පත්කිරීම සම්බන්ධයෙන් දේශපාලන ඇණහිටීමක් පවතී. මීළඟ අගමැති විය යුතු පුද්ගලයා සහ යෝජිත අන්තර්වාර ආණ්ඩුවේ වගකීම් භාර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ අතර එකඟතාවක් නොමැතිකම හේතුවෙන් එය තවදුරටත් ප්‍රමාදවී ඇතැයිද වාර්තා වේ.
සියලු පක්ෂවල නියෝජිතයන් ලෙස අන්තර්වාර ආණ්ඩුවට එක්වීම සලකා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතු බව සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. ෆොන්සේකා මහතා ඊට වෙනස් අදහසක් දක්වා ඇති අතර මේ හේතුවෙන් සජබ මන්ත්‍රීවරුන් මේ කාරණය සම්බන්ධයෙන් දැන් දෙකඩ වී ඇති අතර ජනපති තේරුම් ගෙන ඇත්තේ එම දෙකඩවීම තුළ රනිල් වික්‍රමසිංහ වෙනම කඳවා සජබ කොටසක් රනිල්ට නතු කිරීම තවත් අර්බුදයකට පාර කපන්නක් විය හැකි බවයි.
ඊයේ රාත්‍රී වනවිට රනිල් අගමැති කරවීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන සෙයක් වාර්තා වූවද මේ වනවිට නැවත සරත් ෆොන්සේකා තෝරාගැනීමට අවධානය යොමුව ඇත.
වසර 12 කට පෙර අතීතය සැලකීමේදී ෆොන්සේකා හා ගෝඨාභය රාජපක්ෂ අතර විරසක කම් පැවතියද පසුකාලීනව ෆොන්සේකා මහතා ගෙනගිය ප්‍රතිපත්ති අනුව රාජපක්ෂවරුන් කුපිත කරගත්තේ නැත.
කෙසේ වෙතත් තවම සාකච්ඡා මට්ටමින් සියල්ල සිදුවන බැවින් අවසානය කවරක්දැයි කිව නොහැකි බවද වාර්තාවේ.
සම්බන්ධිත ලිපිය
රාජපක්ෂලාගේ අගමැති ප්‍රශ්නය විසඳන්න මම නොයමි - ෆොන්සේකාගෙන් පිළිතුරු
Comments
Post a Comment
Your comment will be visible after approval