damitha-speaks

පසුගියදා සිදු වු ගැටුම සම්බන්ධයෙන් සංවේදී  වු රංගන ශිල්පිනී දමිතා අබේරත්න අරගල භූමියට පැමිණ මෙසේ අදහස් ප්‍රකාශ කළාය.



ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රචණ්ඩත්වය එනවා කියලා අද මහින්ද මහත්තයා කිව්වා. ප්‍රචණ්ඩත්වය ඇති කළේ ඔවුන් අතර ඇති කළේ ඕගොල්ලෝ. මිනිස්සුන්ව පාරට ඇදලා දැම්මේ ඕගොල්ලෝ. එහෙම කරලා ඉවර වෙලා ප්‍රචණ්ඩත්වයක් මෙතැනට එවලා මිනිස්සුන්ට ගහලා කොහොමද කියන්නේ ප්‍රචණ්ඩත්වය ප්‍රචණ්ඩත්වය ඇති වෙනවා කියලා.. අපි මොකක්ද ඇති කරපු ප්‍රචණ්ඩත්වය. මේ රටේ මිනිස්සු මොකක් හරි වරදක් කලාද කාටහරි ඕගොල්ලොන්ට.

දේශපාලනය කරන ඕගොල්ලො කාට හරි ඔය පුටුවල ඉඳගන්න මිසක් අපේ මිනිස්සු ඕගොල්ලන්ට කරපු වැරැද්ද මොකක්ද. එතකොට අද මේ කරපු දෙයින් මම උදේ facebook ලයිව් එකක් ඇවිත් කිව්වා.. මේ විශ්වයේ දඩුවම හරිම තදයි. දෙයියන්ට දෙවනි මිනිසුන්ටයි මේ දඩුවම් කරන්නේ නොකළ වරදකට. එහෙම නම් එය නොකළ වරදකට දඩුවම් විදින්න මේ පාර අහිංසක දරුවෝ,අම්මා, තාත්තලා ඒ මිනිස්සුන්ගෙ වේදනාව ඒ මිනිස්සුන්ගේ බඩගින්න තමයි මේ ඇවිල්ලා කිව්වේ. අපිව බඩගින්න තියන්න එපා. දෙයිහාමුදුරුවනේ කියලා අත් දෙක එකතු කළ කිව්වා.. මට තේරෙන්නෑ ඔබතුමන්ලාගේ සංවේදීකම් ඒවා කොහෙටද ගියේ කියලා.. මම අහන්නේ සංවේදී නම් මිනිස්සුන්ට දැනෙන්න එපැයි.. රටක සංචිත තියෙන්න එපැයි.. රටක් පාඩුවෙන් දුවන්න හරි මිනිස්සුන්ව බලාගෙන රටක් පාඩුවට දුවන්න හරි රටේ සල්ලි ටික තියෙන්න ඕනේ.. දැන් එ සල්ලි ටිකක් මේ රටට නැති කරලා ඔබතුමන්ලා ඒවත් හොරාකාලා අසීමිතව හොරාකාලා චුට්ටක් හොරා කෑවා නං අපිට කමක් නෑ.. එන අය හැමෝම හොරා කනවා අපි ඒක දන්නවා.. හැබැයි පොඩ්ඩක් හොර කලා රටේ මිනිස්සුන්ට ගොඩක් කරලා තිබුන නම් අද මේවා වෙන්නේ නෑ.. හැබැයි තමුන්නාන්සේලා කළේ මේ රට පුලුවන්නම් ෆ්ලයිට් එකක් ඇතුලට දාගෙන යන්න එකක් දාගෙන යයි. ඒ තරම් තණ්හාව මළ පෙරේතකම. දේශපාලනය කරන සියලු දෙනාටම හොඳම පාඩම මේ.. මේ පාඩම දැන් ඉගෙන ගන්න.. මිනිස්සු තරම් බලවත් නෑ බලය. මිනිස්සුන්ගේ බලයට තරම් ,මිනිස්සුන්ගේ නීතියට තරම් බලය බලවත් වෙන්නේ නැහැ. ඔය බලය දුන්නේ මිනිස්සු.

එහෙම නම් මිනිස්සුන්ව රකින්න ඇවිල්ලා මිනිස්සුන්ට ප්‍රචණ්ඩත්වය පෙන්නලා චණ්ඩිකම් පෙන්නලා මිනිස්සුන්ව බය කරන්න හිතනවා නම් අද තමයි හොඳම සාක්ෂිය.

මුළු රටම බැස්සා එළියට.. බය වෙන්න මේ සොබාදහමේ පළවෙනි දඩුවම අද දුන්නේ. ඊළඟ දඩුවම ගෝඨාභය මහත්මයා යන්න ගෙදර. දඩුවම් විදලා අපහාස විඳලා තවත් යන්න ඉන්න එපා. මේ රටේ මිනිස්සු කියන්නේ ගෝඨා  go home කියලා. මහින්ද රාජපක්ෂ go home කියලා.  රාජපක්ෂ  family go home.. උඹලා ඔක්කොම go home. මම නම් කියන්නේ දැන් යන්න ඇති මේ හොඳටම ඇති දැන් යන්න ගිහිල්ලා මේ රට ඇත්තටම තමුන්නාන්සේලාට වැඩිය පඹයට දුන්නත් පඹයෙයෙක්ව ඉන්දුවත් මේ රට යයි. අපි මේ රට කොහොමහරි කරගන්නම්.. තමුන්නාන්සේලා එපා තමුන්නාන්සේලා කාපු කෑම ඇති.. හොරකම් කරපු සල්ලි ටික අර නිරූපමා රාජපක්ෂ වගේ තමුන්නාන්සේලාගේ පවුල් වල එවුන්ගේ ගිණුම්වල තියන සල්ලි ටික මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි.. ඒවා ආපහු දීලා පලයල්ලා. ඒව නොදී ගිහිල්ලා හොදින් ඉන්න හිතන්න එපා ලෝකෙ කොහෙවත්.. එහෙම ලැබෙන්නේ නෑ. මේ හුලඟ හරි දරුණුයි. මේ තිස්තුන්කෝටියක් දෙවියො දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා මේ හුලං එක්ක මේ අරගලකරුවො සියලු දෙනාටම. මේ අරගලය අපි දිනනවා.. දිනලා තමයි පස්ස බලන්නෙ.. අපේ අරගලයට ජය වේවා..