saman-lal-arrested

මොරටුව නගරාධිපති සමන් ලාල්, කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල ප්‍රසන්න හා සීතාවකපුර ප්‍රාදේශීය සභා සභාපති ජයන්ත රෝහණ යන අය පසුගිය 9 වනදා ඇති වූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.ඊට අමතරව කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සමීර චතුරංග ,  බන්දුල ජයමාන්න, දිනෙත් ගීතික යන අ‍ෙද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසී ය.


මින් ඉහත සනත් නිශාන්ත, මිලාන් ජයතිලක හා ඩෑන් ප්‍රියසාද් යන අය මැයි 9 වැනි දින සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.