
මෙරට ඉන්ධන අර්බුදය විසඳීම සඳහා රුසියාවෙන් ඉන්ධන ලබාගැනීමට කර ඇති ඉල්ලීම ගැන මේ වනවිටත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා ආරම්භ වී තිබේ. ලංකාව කළ ඉල්ලීම රුසියාව සලකා බලමින් සිටින බව මෙරට රුසියානු තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් අනස්ටාෂියා හක්ලෝවා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව, රුසියාවෙන් තෙල් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳ විමසා ඇති බවත් මේ වනවිට ඒ පිළිබඳ සලකා බලමින් සිටින බවත්ය. නමුත් මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර හමුවක් පැවැති බවට වන පුවත අසත්‍ය බව ඇය පවසා ඇත.
(අශිකා ජයවීර)
Comments
Post a Comment
Your comment will be visible after approval