
දේශපාලන තීන්දු රැසක් සිද්ධ කෙරුණ අද දිනයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මූලිකත්වයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීම අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති අතර වෙනදා ඒ සඳහා පැමිණෙන දිනේෂ් ගුණවර්ධන සභානායක වරයා හා ආණ්ඩු පක්ෂ සංවිධායක ප්‍රසන්න රණතුංග නොපැමිණි බව වාර්තා විය. කතානායකවරයා පවසාබ ඇත්තේ ඒ දෙන්නාම එකී තනතුරුවලින් ඉල්ලා අස්වුන බවය.
විපක්ෂ නායක සජිත්,ජවිපෙ නායක අනුර කුමාර ඇතුළු අනෙක් පක්ෂ නායකයින් ඒ සඳහා එක්වී තිබේ.
ඉදිරියේදී පාර්ලිමේන්තුවේ අගමැති ධූරයක් පත්කිරීම සම්බන්ධයෙන් ඇතිවූ වාද විවාද මෙම සාකච්ඡාව අතර උණුසුම් මුහුණුවරක් ගත් අතර ස්වාධීන වූ කණ්ඩායම් වලට අයත් පක්ෂ නායකයින් ජනපති තනතුරින් යාම දැන්ම අවශ්‍ය නැතැයි පස්සෙ බේරගමු ලෙසින්ද සජබ හා ජාතික ජනබලවේගය ජනපති ඉවත්වූපසු තීරණයක් ගනිමු යයිද කතාවීම නිසා මෙම මතභේදය හටගත් බව වාර්තා විය.
අවසානයේ අගමැතිවරයෙකුට සහය දීම සම්බන්ධයෙන් පැහැදිලි එකඟතාවකින් තොරව පාර්ලිමේන්තුව ලබන 17 අගහරුවාදා රැස් කරන තීන්දුව මත පක්ෂ නායක රැස්වීම අවසන්වී තිබේ.
17 වනදා රැස්වූ පසු මුලින්ම නියෝජ්‍ය කතානායවරයා තේරීමට පක්ෂ නායකයන් එකගතාව පළ කොට ඇත.
ඉන් අනතුරුව ස්ථාවර නියෝග අත්හිටුවා ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීමට පක්ෂ නායකයන් තීරණය කොට තිබේ. එම තීරණයට එරෙහිව කතානායකවරයා සමග අද සාකච්ඡාව විවාද සම්පන්න වූ බවද කියැවේ.
මින් ඉහත රටේ කලබල තත්වය මත ඉක්මණින් පාර්ලිමේන්තුව රැස්විය යුතු බවට කතානායකවරයා ප්‍රකාශයක් කළ නමුත් තවමත් පාර්ලිමේන්තුවේ බොහෝ මැතිඇමතිවරුන් නිවෙස් ප්‍රහාර නිසා පුද්ගලික ප්‍රශ්න රැසකට මැදිව තිබීම නිසා පාර්ලිමේන්තුව 17ට පෙර රැස්කිරීමට නොහැකි වී ඇත.
මේ අතර ජනපතිවරයා වෙත අගමැති තේරීම සඳහා තම පක්ෂයෙන් නම් තුනක් (නිමල් සිරිපාල , විජේදාස රාජපක්ෂ හා ඩලස් අලහප්පෙරුම) යවන බවට ඊයේ රාත්‍රී ශ්‍රිලනිපයෙන් ආරංචි වූ නමුත් එවන් ලිපියක් යවා තිබුනේ නැති බව අද උදේ වාර්තා විය.
දැනට වාර්තාවන තොරතුරු අනුව ජනපති අගමැති තෝරාගැනීම ගැන සාකච්ඡා පවත්වා ඇත්තේ සරත් ෆොන්සේකා සහ රනිල් වික්‍රමසිංහ සමග පමණි.
සජබ හෝ ජාජබෙ නායකයින් ජනපති හමුවීම පවා ප්‍රතික්ෂේප කර ඇත.
මෙම පසුබිම යටතේ ජනපතිවරයාට ඇති එකම විකල්පය බවට පත්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත්කිරීම බවත් රනිල් අද (12) සවස අගමැති ලෙස දිවුරුම් දෙනු ඇති බවත් පැවසේ.
පසුව ඔහු ලබන අඟහරුවාදා පාර්ලිමේන්තු රැස්වීමේදී බහුතර කැමැත්ත විමසන ඡන්දයට මුහුණදෙනු ඇත.
රනිල්ගේ සහයට පොදුජන පෙරමුණ ඡන්දය ලබාදෙන නමුත් ආණ්ඩු පක්ෂයක් ලෙස කටයුතු නොකරනු ඇතැයි වාර්තා පළ විය. ඒ අනුව රනිල්ට ආණ්ඩු පක්ෂය ලෙස සහය ලද හැක්කේ දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායම හා සජබෙන් හැලී ආ අයත් තවත් සුළු පක්ෂ කිහිපයකුත්ය. රනිල්ගේ සහයට පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර කිහිපයක් එජාපයට පිරිනමන්නටද නියමිතය.
මෙයින් රනිල් තනිව සිටිමින් එක් එක් අවස්ථාවල බහුතරය සකසා ගන්නේද නැතිනම් පොහොට්ටුව සමග එක්ව ආණ්ඩුවක් තනන්නේ දැයි අවුල් සහගත තත්වයක්ද නිර්මාණයවී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval