ranil-prime-minister

අගමැති මහින්ද රාජපක්ෂ තනතුරෙන් ඉවත්වී ප්‍රචණ්ඩකාරීත්වය සමග රටේ දැඩි අරාජක පසුබිමක් නිර්මාණය වී ඇති මොහොතේ දේශපාලන හා ආර්ථික වශයෙන් තීරණාත්මක තීන්දු ලබාගැනීමට අවශ්‍යවී ඇති මෙම මොහොතේ අතිශය වැදගත් අගමැති ධූරය ලබාගැනීමේ අභියෝගයකට සුදුස්සෙකු අවශ්‍යතාව  මතුව ඇත.


එම තනතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලබාදීමට ජනපති ප්‍රමුඛ පොහොට්ටු කන්ඩායම මෙන්ම ශ්‍රීලනිප 14 කණ්ඩායම ඇතුලු අනෙත් සුළු ජන පක්ෂ මුලින් තීරණය කර ඊට කැමැත්තෙන් පසුවෙද්දී ඔහු ගෝඨාගෝහෝම් තාම ඉටු වුනේ නැතැයිද ගෝඨා යටතේ වැඩකර අවුලකට පත්ව තම පුද්ගලික දේශපාලනය අවුල් කරගන්නට කැමැති නැතැයිද පවසමින් කර ඇරියේය.
අනතුරුව වඩාත්ම සුදුස්සා ලෙස ජනපති විසින් එජාප නායක රනිල් වික්‍රමසිංහ ගැන අදහස් පළ කළ අතර ඔහුට බදාදා සවස සාකච්ඡාවකටද ඇරයුම් කර තිබුණි. පසුව වාර්තාවූයේ සාකච්ඡා සාර්ථක වූ බවයි.


 
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (12) හෝ සිකුරාදා (13) නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ඒ අනුව වාර්තා වේ.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් මේ වන විටත් කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.(මේ වනවිටත් හරින් ප්‍රනාන්දු සජබයෙන් ඉවත්ව ඇත) මීට අමතරව ස්වාධීනකණ්ඩායම සමග ඒ ගැන සාකච්ඡා පවත්වමින්සිටී.

කෙටි කළකට හෝ අගමැති ධූරය ලබාගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකරන ලද ආරාධනයකට අනුව ඒ මහතා එම ධූරය ලබා ගන්නා අතර ඔහුට අවශ්‍ය ඇමති මණ්ඩලය සැකසීම සඳහා ඔහුට අවශ්‍ය එජාප සාමාජිකයින් කිහිපදෙනෙකුද පොදු ජන පෙරමුනේ ජාතික ලැයිස්තුව හරහා මන්ත්‍රීවරුන් බවට පත්කර අවශ්‍ය සහය ලබාදෙනු ඇතැයි වාර්තාවේ.



මේ සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා (12) පැවැත්වීමටද නියමිත බව වාර්තා වේ.

ජනාධිපති කාර්යාල භුමිය ඉදිරිපිට සිදුකෙරෙන සාමකාමී උද්ඝෝෂණයට කිසිඳු බාධාවක් නොකරන්නැයි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාට ඉල්ලීමක් කර ඇති බවද වාර්තා විය. රනිල් අගමැතිවුවත් උද්ඝෝෂකයින් සෑහිමකට පත් නොවනු ඇතැයිද රනිල් පෙන්වා දී ඇත.ඔහු සතු විදේශ සම්බන්ධතා පාවිච්චි කර ආර්ථිකය ගොඩගන්නට අපේක්ෂා කරන බවද ඔහු පවසා ඇත.
කෙසේ වෙතත් රනිල්ගේ අරමුණ වී ඇත්තේ ව්‍යවස්ථාදායකය ශක්තිමත් කරන්නට අවශ්‍ය වෙනස්කම් පවතින පාර්ලිමේන්තුව තුළින්ම ඉක්මණින් සිදුකිරීම වන අතර ඒ අනුව 21 වන සංශෝධනයකින් ජනපති බලතල දැඩි කප්පාදුවකින් ගෝඨාභය මෙන්ම එම විධායක ජනපති තනතුරද අකාමකා දැමීමය.