
යුද හමුදාවේ හිටපු වෛද්‍ය පැතුම් කර්නර් අරගලය සම්බනධයෙන් සහ ජනතාව ප්‍රචණ්ඩත්වයෙන් තොරව හැසිරිය යුතු ආකාරය ගැන මෙසේ සිය අදහස් දක්වා තිබුණි.
ආයුබෝවන් අරගලයේ තවත් වැදගත් දවසක් ගැන ඔබත් එක්ක තොරතුරු බෙදා ගන්නයි ආවේ.. ඊළඟට වෙන්න මොකක්ද කියන එක තමයි හැමතිස්සෙම මේ කතාවෙ focus එක වෙන්නේ. දැන් අපි දන්නවා මහින්ද සමග මහින්දගේ චන්ඩි ටික මහින්දගේ පොලිසිය පරාජය කරලා ඉවරයි.. රාජපක්ෂ දේශපාලන අවසන් කරලා ඉවරයි, වලව් පැලැන්තිය ඉවර කරලා ඉවරයි. තව ඉතුරු වෙලා තියෙන්නේ අවසාන ඉලක්කය. ඒ කියන්නේ මිලිටරි ජුන්ටාවකින් ආරක්ෂා වෙලා ඉන්න ගෝඨාභය රාජපක්ෂ..
ඇයි මිලිටරි ජුන්ටාවක් කියන එක අදහස් කරන්නේ. මොකද ඔබ ගෝඨාභය රාජපක්ෂ අධ්‍යනය කළොත් ඔහු ආපු දවසෙ ඉඳල ඔහුට තියෙන්නෙ මිලිටරි කියන ආසාවක්. ඒ කියන්නේ ඔහුගේ විසඳුම් ඔහු රාජ්‍ය පරිපාලනය තුළ අරගෙන ආපු විසඳුම් සියල්ලම වාගේ මේ මිලිටරි විසඳුම්.
එයා ඒක තුළ තමයි comfortable එතකොට මේ මිලිටරි ජුන්ටාව කියන එක ගත්තහම ගෝඨාභය තනියෙන් නෙමෙයි මේ මිලිටරි ජුන්ටාව තුළ ඉන්නේ. ගෝඨාභය කියන නම පේනවා එයාගෙ යටතේ ඉන්නවා බොහොම හිතවත් ඊළඟ අඩියේ ඉන්නේ එයාගේ හිතවත්තු දෙන්නා. කමල් ගුණරත්න සහ ශවෙන්ද්‍ර සිල්වායි. මේ දෙන්නා තමයි මේ මිලිටරි ජුන්ටාව පාලනය කරන්න ගෝඨාභයට අවශ්‍ය කරන වටපිටාව හදලා දෙන්නේ. එතකොට මුළු හමුදාව සමත් ආරක්ෂක අංශයම මේ ජුන්ටාවට අයිති නෑ..
මුළු ආරක්ෂක අංශයේම ගොඩක් පිරිසක් ඉන්නවා මේ ජනතාවත් එක්ක ඉන්න.. ජනතාවට එන වේදනාව ජනතාව එක්ක තියෙන අරගලයේ බෙදාගත්ත නමුත් යුනිෆෝම් එක ඇඳලා හින්දා සීමාවේ ගැටිලා ඉන්න මිනිස්සු ඉන්නවා. යුද හමුදාව ඇතුලේ මේ ජුන්ටාවගෙන් තමයි අපි පරිස්සම් වෙන්න ඕනේ.. මේ ජුන්ටාව කියන එක හැදෙන්නේ ශවෙන්ද්‍ර සිල්වා සහ කමල් ගුණරත්නගේ පූර්ණ මැදිහත්වීම යටතේ. ඒ දෙන්න තමයි ආරක්ෂක අංශ වල කන්ට්‍රෝල් එක තියාගෙන ඉන්නේ. අපි දන්නවා ලංකාවට මේ වෙනකොට අවශ්‍ය හමුදාවේ ප්‍රමාණය පනස්දාහක් වෙන්න පුළුවන්. හැබැයි මේ ගොල්ලෝ ලක්ෂ තුනකට ආසන්න ආරක්ෂක අංශ ප්‍රමාණයක් නඩත්තු කරගෙන යනවා ලොකු පිරිසක් නඩත්තු කරගෙන යනවා.. මේ පිරිස තුළ ගොඩක් ඉන්නවා මේ යුද හමුදාපතිවරයාට හිතවත්. සාමාන්‍යයෙන් හමුදාවක් හැදෙන්නේ යුද හමුදාපතිවරයාට තියන කැමැත්ත මත. ඔහු තියන අණ ක්‍රියාත්මක කිරීමේ හැකියාව මත..
අපි ගත්තොත් යුදහමුදාවෙ තියනවා ලක්ෂ තුනක් හිටියා ලක්ෂ දෙකක් හිටියත් එ ඔක්කොම සටන් කරන සෙබළුන් නෙමෙයි. මේක ඇතුළු සටන් කරන සෙබළුන් ප්‍රමාණය සුළු පිරිසයි. අනිත් අය ඔක්කොම ඉන්නේ සපෝට් එකට වෙන වෙන අංශවල වෙන වෙන රෙජිමේන්තු වල. ඉතින් මේක තුළ අපි දන්නවා විශේෂ බලකාය සහ කර්මාන්ඩෝ රෙජිමේන්තුව සෘජුවම යුධ හමුදාපතිවරයා යටතේ තියෙනවා. ඊට අමතරව අනිත් සටන් අංශ මේවට සෘජුවම බොහොම හමුදාපතිවරයාට බොහොම හිතවත් සෙබළුන් තමයි ඕකට දාගන්නේ. එතකොට ඒගොල්ලෝ සෘජුවම යුද හමුදාපතිවරයාට තමන්ගේ loyalty එක තියෙන හින්දා අනෙන් පිට පැනලා යමක් කරන්න පෙලඹෙන්න තියෙන චාන්ස් එක බොහොම අඩුයි. ඒහෙම තමයි යුද හමුදාවක් පාලනය වෙන ක්‍රමය. ඒ හින්දා කාටහරි හිතනවනම් හමුදාවෙන් භාගයත් ඉක්මනටම කැඩිල යයි හමුදාව වෙන් වෙලා යයි කියලා එහෙම සාමාන්‍යයෙන් වෙන විදිහට නෙමෙයි හමුදාවන් පාලනය වෙන්නේ..
එක හමුදාව ඇතුලෙ තියෙන යාන්ත්‍රණයක්. හැබැයි මේක ඇතුළෙම ඉන්න key positions වල දාගෙන ඉන්න කට්ටිය අර හිතවත්කම් මත දැනුවත්භාවය මත තමන්ට loyalty එක තියන මිත්‍රකම් මත දාගත්ත ඒවා එහෙම නැත්නම් මේගොල්ලෝ එකට කන බොන කට්ටිය වෙන්න පුළුවන් එකට හොර වැඩ කරපු කට්ටිය වෙන්න පුළුවන් එ එකම හිතවත්කම් තියෙන පිරිසක් තමයි ජුන්ටාවක් ඇතුලට දාගන්න. එතකොට ඒ ජුන්ටාව ඇතුළෙ තමයි මේකෙ කන්ට්‍රෝල් එක තියෙන්නෙ.. ඒ හින්ද හමුදාව මේ වෙලාවේ අපි ගත්තොත් මේ වෙලාවේ අරගලය අඩිය තියන්නේ ජනාධිපති සහ මේ මිලිටරි ජුන්ටාව එක්ක හැප්පෙන්න. යුදහමුදාව නෙමෙයි.
මේක ඇතුළෙම මිලිටරි ජුන්ටාව. ඒ කියන්නේ පාලන පක්ෂයට ජනාධිපතිට ශවේන්ද්‍රට කමල්ට හිතවත් කට්ටිය තමයි මේ ජුන්ටාව පාලනය කරන්නේ. ජුන්ටාව ඇතුලෙන් යන බලවේගයන් ඇතුලෙන් තමයි යම්කිසි ගැටයක් වෙනවා නම් වෙන්නේ. එතකොට කවුරුහරි බලාපොරොත්තු වෙනවා නම් හමුදාවෙන් කොටසක් මේකෙන් වෙන් වෙලා යයි කියලා එහෙම එකක් මේ වෙලාවේ වෙන්න අමාරු වෙයි.
මෙහෙම දේවල් වෙන්න පුළුවන් අපි බලාපොරොත්තු විය යුතුම තත්ත්වය තමයි රට මේ වගේ තත්ත්ව වලදී රට අරාජික වෙලා සිවිල් යුද්ධ වලට ගිහිල්ලා තියෙනවා. අන්න ඒ තත්ත්වය මඟ හරවා ගන්න ඕන. හිතන්න 88 89 කාලේ බැලුවහම වෙච්ච වැරැද්දක් තිබ්බා. මොකද එ ජේවීපී කලබල කාලේ ජේවීපී එකෙන් හමුදාවේ අයගේ ගෙවල් වලට පැනලා ගහන්න ගියා, හමුදාව ඉහළ නිලධාරීන්ගෙන් ගෙවල් වලට කරදර වුණා. ඒකෙන් වුණේ ආරක්ෂක අංශ අරගලකරුවන් සමග වෛරය බෙදාගන්න ගත්තා. එතකොට වෙන්නේ ආරක්ෂක අංශ ලඟ තමයි ආයුධ තියෙන්නෙ. එයාලා ලඟ තමයි බලය තියෙන්නේ..
ඒගොල්ලන්ව තරහ කර ගත්තොත් යම් ආකාරයකින් අරගල කරුවෝ ඔවුන්ට හිතනවා අරගල කරුවන්ට එරෙහිව ආයුධ පාවිච්චි කරන්න. අන්න එහෙම කරගත්ත වැරැද්ද තමයි අසූ අට අසූ නමයේදී ගොඩක් වෙලාවට ඩැමේජ් එකක් උනේ අපේ මිනිස්සුන්ට. එහෙනම් ඒ වැරැද්ද ආයිත් අපි කරගන්න හොඳ නැහැ. ඒ හින්දම තමයි අපි මේ අරගලය අවිහිංසාවාදී සහ සාමකාමී අරගලයක් බවට මුල් ඉඳලම නිර්මාණය කරලා තියෙන්නේ. ඒක තමයි මේක සාර්ථක වෙලා තියෙන්නෙ. අපි දැක්කා ඒක ගොඩක් ඊයෙ දකින්න ලැබුණා රට පුරාම තැන් තැන් වල. මේ violence part එනකොට දෙන්න ඕන අනිත් පණිවිඩය තමයි මේක හිතන්න හැබෑ අරගලකරුවන්ද කියලා. මොකද 88 89 කාලේ වරද්ද ගත්ත තැනක් තමයි ප්‍රාදේශීයව තියන political ඇරියස් කවර් කරන්න මේ අරගලේ තියන අවිනීතිය භාවිතා කරන්න ගත්තා.
ඊයේ වගේ රාත්‍රියක් කියන්නේ සාමාන්‍යයෙන් අවි නීතිය තියෙන රාත්‍රියක්. නීතිය කියලා එකක් නෑ කවුරුත් කාටවත් බය නෑ ඕන දෙයක් කරන්න ඕන දේපලක් කඩන්න පුළුවන්. ඒ වගේ වෙලාවකට වෙන්නේ අර දේශපාලනිකව ඇරියස් කියන ඒවා පිරිමහගන්න උත්සාහ ගන්න තත්ත්වයක් තියෙනවා. අපි උදාහරණයකට මෙහෙම ගත්තොත්, අනුරාධපුරේ බලන්න චන්න ජයසුමනගේ ගෙදරට ගහනවා හැබැයි එස් එම් චන්ද්‍රසේන තමයි ඉන්න භයානකම මනුස්සයා නමුත් එයාගෙ කවුරුත් ගහලා නෑ තාම.. එතකොටම එතන වෙන්නේ චන්න ජයසුමන එක්ක ලොකු ගැටලුවක් තිබ්බේ චන්ද්‍රසේනට එයාට අභියෝගයක් චන්න ජයසුමන එතනින් ආපු එක එයාගේ ඡන්ද පදනමට බාධාවක්. මේ වගේ තැන්වලදි ඒ ගොල්ලෝ අර තමන්ගේ දේශපාලන වාසි ඇරියස් වලට තමන්ගේ මිනිස්සුන්වත් දාලා අනුන්ගේ ගෙවල් වලට ගහපන් කියලා යවන්න පුළුවන් එහෙම ඇරියස් කවර් කර ගැනීම් ගොඩක් මේ අරගල ඇතුළු සිද්ධ වෙන්න පුළුවන්..
ඒ හින්දා ඔබට කියන්න තියෙන්නේ ප්‍රාදේශීය දේශපාලකයන් එක්ක ගැටෙන වෙලාවට බලන්න ඔබ ඔබ කාගේ හරි ලණුවක් ද කන්නේ එහෙම නැත්නම් කාගේ හරි උගුලකටද අහු වෙන්න කියලා.. මේකෙ තුළ ඇරියස් කවර් කරගන්න ගියොත් එහෙම මේක ඇතුලේ අනවශ්‍ය violence පාර්ට් එකක් ඇවිල්ලා අරගල හිංසාකාරී තැනකට ලේබලයක් ගැහෙනවා.. එතකොට ඒකේ ප්‍රතිඵල නරක වෙන්න පුළුවන්. අරගල අවිහිංසාවාදී සහ සාමකාමී එකක් නම් ඒ තත්ත්වයෙන් පවත්වාගෙන යාමට අපේ මැදිහත් විය යුතුයි. එනිසා හොඳට මතක තියාගන්න ආරක්ෂක අංශ වලට දැන් අපට හිතෙනවා මේක හමුදාවෙන් දෙදහස් පන්සියක් දාගෙන මහින්ද අරහෙ ඉන්නවා හමුදාවේ අය වාහන වල යනවා හමුදා කෑම්ප් වල මේගොල්ලෝ ඉන්න ගන්නවා. දැන් මේ හමුදාවත් එක්ක involve වෙලා හින්දා හමුදාව අභිබවා යන්න හිතුනොත් හමුදාව සමග න්හිතුනා ඒකට උපක්‍රමයක් විදියට මම දැක්ක ගොඩක් අය ෆේස්බුක් එකේ කියනවා පොලිසිය කට්ටිය ගෙවල්වලින් ඉන්නේ.. පොලිසිය කට්ටිය ගමේ ඉන්නවා ගමේ ගෙවල් වලට බලපෑම් කරමු කියලා.
ඒවා සමහර වෙලාවට අර ඇරියස් කවර් කරන කට්ටියම පොලිසිය ගේකට හමුදා කෙනකුගේ ගේ කට පහර දුන්නොත් එතකොට මොකද වෙන්නේ ඒ හමුදාව කට්ටිය සහ පොලිසිය කට්ටිය අරගලය සමග අරගලකරුවන් සමග ගැටෙන්න පටන් ගන්න පුළුවන්. ගැටුම ඇති වුනොත් එහෙම ඔවුන් සතුව ආයුධ තිබෙනවා. ඔවුන්ට රජයෙන් නීතියෙ සහනය තියෙනවා.. එහෙනම් ඔවුනුත් ඒ අවිය ගත්තොත් එහෙම මොකද වෙන්නේ? එතකොට අරගලකරුවන්ට වෙඩි කන්න වෙනවා.. එතකොට අරගලය තුළ හිංසාව වඩාත් ගැඹුරු වෙන්න පටන් ගන්නවා.. එහෙම තත්ත්වයක් ආවොත් හිතන්න පොලිසියෙන් වෙඩි තියනවා හමුදාවෙන් අරගලකරුවන්ට වෙඩි තියෙනවා.. එතකොට 88,89 වගේ මේක සිවිල් යුද තත්ත්වයක් බවට පත්වෙන්න පුළුවන්. එතකොට අපේ තරුණයන් ඒ ආවේගයෙන්ම ඊයෙ වගේ කටයුතු කරන්න ගත්තොත් දැන් හිතන්න පොලිසියෙන් නම් හමුදාවෙන් නම් ඒ විදියට හැසිරෙන්නේ අපේ තරුණ පිරිස එක ඔවුන්ට පහර දෙන්න ගියොත් ඒ ගැටුමකට ගියොත් තමන්ට වෙඩි වැදෙනකොට ඒ වේදනාව දැනෙනවා.
තමන්ගේ කවුරුහරි මැරෙනකොට ඒ වේදනාව දැනෙනවා.. ඒ වේදනාවත් එක්ක උඹලා අපිට මෙහෙම කරා කියලා ඒගොල්ලනුත් සටනට ගියොත්, සිවිල් ජනතාවයි ආරක්ෂක අංශ අතරයි ගැටුමක් කියන්නේ එතන සිවිල් යුද්ධයක්. ඒ හින්දා සිවිල් යුද්ධයකට ගියොත් මේ තත්ත්වයෙන් අපිට ගොඩ ඒමක් නැති වෙන්න පුළුවන්.. ඒ හින්දමයි මේක ඇතුලේ අපි අවිහිංසාවාදය හා සාමකාමීත්වය පවත්වාගෙන යාම ඉතාමත් වැදගත් වෙන්නේ. ඒ හින්දා ප්‍රාදේශීය ඇතිවන හිංසාකාරී පියවරයන් වලට සෘජුවම දායක වෙන්න එපා. ඒවා ගොඩක් වෙලාවට political ඇරියස්. ඒ හින්දා කල්පනාකාරී වෙන්න අවිහිංසාවාදය දිගටම පවත්වාගෙන යන්න . එසේ නොකොට අපිට මේ ඉදිරියට ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නැහැ..
දැන් එතකොට ඊළඟ පියවරට යද්දි ගෝඨාභය ඉන්නවා හමුදා ජුන්ටාවත් එක්ක මේක තුළ තවත් ගැටලුවක් තියෙනවා. ශවෙන්ද්‍ර සිල්වා එහෙම දැන් අවුරුදු දෙකක් වැඩිපුර ඉන්නෙ retire වෙන්න තියෙද්දී.එතකොට එයාගෙ පිටිපස්සෙන් හිටපු බැච් වල ඉන්නවා ජනරල්ලා එයාලට හමුදාපති වෙන්න බැරුව ගෙදර යන්න වෙලා තියෙනවා. එතකොට හමුදාව ඇතුළෙත් ඉන්නවට කැමති නැහැ. දේශපාලන වැඩවලට කඩේ යවනවා දේශපාලන පක්ෂයක වගේ වැඩ කරවනවා. ගොඩක් කට්ටිය හමුදාව කට්ටිය අපිට කතා කරලා කලින් කියලා තියෙනවා ඒ ගොල්ලො සතුටින් නෙමෙයි ඉන්නෙ මේක ඇතුලෙ කියලා. මේක ඇතුළෙත් අසමගිය කියන එක තියෙනවා. එහෙම තියෙද්දිත් මේ ගොල්ලෝ මේ මිලිටරි බලය පාවිච්චි කරගෙන ඉස්සරහට රැඳිලා ඉන්න කොච්චර කල් යයිද කියලා හිතෙන්න පුළුවන්.
මෙච්චර කල් බෑ බෑ කියපු මහින්ද රාජපක්ෂත් දාලා ගියා නම් අන්තිමට හිර වෙලා ඉන්න වෙලා නම් මිනිස්සු මරන්න හොයනවනම් ගෝඨාභය රාජපක්ෂට අත්වෙන ඉරණම ඊටත් වඩා අමාරු එකක්. ඒ අමාරු එක තව සතියක් දෙකක් යන්න පුළුවන් මේ පීඩනය දිගටම මිනිස්සුන්ට එල්ල කරගෙන ඉන්නකොට තමයි ඔහුට එක දාල යන තත්ත්වයට පත් වෙන්නේ. ඒ හින්දා මේ පීඩනයෙන් විශේෂයෙන් ආර්ථිකය අභියෝගයකට ලක් වීම නිසා රටේ ආර්ථිකය විනාශයට පත්වීම නිසා ජනතාව මතින් ඇතිවන පීඩනය දිගින් දිගටම ඔහුට අත් වෙනවා. විශේෂයෙන් ආර්ථිකය පවත්වා ගෙන යන්න බෑ මොකද ප්‍රමාණවත් තරම් මුදල් ආණ්ඩුවෙ නෑ, ඩොලර් නෑ රුපියලුත් නෑ අච්චු ගැහුවොත් විතරයි රුපියලුත් තියෙන්නේ..දිගින් දිගටම වෙන්නේ ආර්ථිකය කඩා වැටීමක් පමණයි.. ඒ හරහා ඔවුන්ට රැඳී සිටීමට හැකියාවක් ලැබෙන්නේ නෑ. පඩි ගෙවා ගන්න බැරි උනොත් කොහොමත් ආන්ඩුවේ හමුදාව උනත් අනිත් පැත්තට හැරෙන්න පුළුවන්. ඒ හින්ද පීඩනය දරාගෙන ඔහුට තනියෙන් සිටිමේ හැකියාවක් නැහැ. කොයි වෙලේ හරි ඔහුටත් මහින්ද ගියා වගේ මේවා දාලා යන්න සිදු වේවි. හැබැයි ඒ දාලා යන්න කලින් මොහොතකට හරි ඒගොල්ලො violence පාවිච්චි කරනවා.මොකද ඒගොල්ලෝ විශ්වාස කරන්නේ එක. ඒගොල්ලොගේ අදහස ,හිත තියෙන්නෙ ඒගොල්ලො දන්න දේ එතැන. ඒගොල්ලො කවද හරි යන්න කලින් පොඩ්ඩක් හරි violence පාවිච්චි කරනවා..
හැබැයි යුද හමුදාව පොලිසිය ඔබත් එක්ක හිටියොත් ඔබත් එක්ක සාමයෙන් හිටියොත් ඔවුන්ව තරහ කර නොගෙන වේදනාවට පත් නොකර ඔවුන් ම බිය නොකොට තිබුනොත් ඒ වෙලාවේදී බොහොම සහනදායි විදියට අපිට මේක විසඳගන්න පුළුවන් වේවි ජීවිත හානි කර ගන්නේ නැතුව.. දේපළ හානි අමතක කරත් විශේෂයෙන් දේශපාලකයන්ගේ දේපළ හානි අමතක කරත්, එක කැප කිරීමක් විදිහට සැලකුවත් ජීවිත හානි වෙන එක අවම කරගන්න එක තමයි අරගලයේ තියෙන්න ඕන උපරිම ලක්ෂණය. ජීවිත හානි වෙලා ලේ හොල්ලගෙන මිනිස්සු ගොඩක් මැරිල කරන ජයග්‍රහණයක් අපිට හොඳට සමරන්න බැහැ. එනිසා අපිට අපේ මිනිස්සුන්ගෙ ජීවිත ඉතුරු වෙන්න ඕනේ.. අපි ජීවිත පුජකරන්න ඕන රට වෙනුවෙන් ඒක හරි හැබැයි. ජීවිත කොච්චර පූජා කලත් වැඩක් නොවෙච්ච අවස්ථා අතීතයේ ඕනතරම් තිබිලා තියෙනවා. ඉතින් එහෙම කරගන්න වෙන්නේ ඔබ අවිහිංසාවාදයම විශ්වාස කරොත් ඔබ සාමකාමීව හිටියොත් විතරයි.. එතකොට තමයි ලෝකයේ අවධානය ඔබට යොමු වෙන්නේ. අරගලයෙන් අනතුරුව ඉක්මනින් ආර්ථිකය විසඳගන්න පුළුවන් මට්ටමකට ආර්ථික අර්බුදයෙන් මිදෙන තත්ත්වයකට යන්න නම් ඔබ රට අරාජික වීමෙන් මුදවන්නම ඕනේ. රට අරාජික වීමෙ දිශාවට යන එකෙන් හරවන්න ඕන.. එක කරන්න පුළුවන් ඔබටම තමයි.
ඒ නිසා පැහැදිලිවම අවිහිංසාවාදී වන්න ,සාමකාමී වෙන්න දිගටම අරගලය කර ගෙන එමු.. මේ පීඩනය දරාගන්න ගෝඨාභය රාජපක්ෂ ඔය ගියා වගේම යාවි. එතකොට කැබිනට් වුවත් ඉවරයි අගමැති ඉවරයි තව ඉතුරු අවසාන ඉලක්කය විතරමයි.. එනිසා අවසන් ඉලක්කයත් මේ විදියටම අරගලය තුලින් ම පීඩනය නිර්මාණය කරලා පීඩනය ඇති කරලා අපිට ජයග්‍රහණය කර ගන්න පුළුවන් ඒක නුදුරේ පේන මානේ තියෙන්නෙ.. ඒ සීමාවේ දී අපි මේක රටේ ඊළඟ දේශපාලන චක්‍රය ගොඩනගන කාලෙකට මේ සිස්ටම් එක හරියට හදා ගන්න කාලෙට හොඳ පදනමක් සහිතව එක කරගමු. ජීවිත හානි නැති කරගමු..
ඒ නිසා අනවශ්‍ය විදිහට ජිවිත පූජා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ජීවිතේ පූජා කිරීමට අවශ්‍ය නම් ඒක වැදගත් දෙයක් වෙනුවෙන් අපි පූජා කරමු රට වෙනුවෙන් අවස්ථාවක් ලැබුණොත්.. ඉතින් මම ඔබට ඊයෙත් යෝජනා කළා මේ සාකච්ඡාව අපි දිගටම අරගෙන යන්න ඕනේ කියලා මේ
galleface declaration එකක් ගැන. 1789 දී ඇමෙරිකාව බ්‍රිතාන්‍යයන්ගෙන් වෙන් උනාට පස්සේ ඒගොල්ලෝ අත්සන් කරනවා ලියවිල්ලක්. ඒ සටන් කරපු සියලු සෙබළුන් ඇවිල්ලා. ඉතින් අපේ මේ ලංකාවේ අරගලය ගෝල්ෆේස් එකේ වෙමින් පවතින අරගලයටත් අපි හදන්න ඕන ඒවගේ declaration එකක්. එ declaration එකේ තියෙන්න ඕන රට වෙනස් විය යුතු ආකාරය. සිස්ටම් එක වෙනස් විය යුතු ආකාරය. ජනාධිපතිවරයාගේ නීති බොහොම සීමා වෙන්න ඕනේ කියලා. ඒ හින්දා අලුත් ආණ්ඩුවක් එනකොට මේ අන්තර් පාලනයට යනකොට ඒ අන්තර් පාලනය භාර දෙන පාලකයාට රට බාර දෙන්න කලින් ඔහුටට සිද්ධ වෙනවා අරගලකරුවන් ඉදිරියේ මේ ගෝල්ෆෙස් declaration එක අත්සන් කරන්න. ඒක තමයි අරගලය නියම ජයග්‍රහණය වෙන්නේ.. ආර්ථික අර්බුදය විසඳා ගත්තාට පසුව ව්‍යවස්ථාව ගෙනල්ලා ව්‍යවස්ථාව සම්මත කරගෙන අලුත් කටයුතු වලට යන්න ගෝල්ෆේස් declaration එක නිවැරදිව හදාගන්න එක ඉතාමත්ම වැදගත්.
Comments
Post a Comment
Your comment will be visible after approval