rajitha-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පසුගියදා මාධ්‍ය හමුවකට එක්වෙමින් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන මෙසේ ප්‍රකාශ කර තිබුනා..





" මේ රටේ වැඩ කරන ජනතාව 65%ක් පමණ පහුගිය මැතිවරණයේදී ඡන්දේ දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන්න..ජාතික ආරක්ෂාව කියන එකට තමයි මේ සියළුදෙනා ඡන්දේ දුන්නේ.. එක රටක් ඉතුරු වෙන්න ඕනේ කියලා..අද රාජ්‍ය සේවකයෝ 100%ක් මේ ආණ්ඩුව ගෙදර යවන්න කියලා මහා වැඩ වර්ජනයකට පිවිසිලා තියනවා.. අද එකම දුම්රියක්වත් වැඩ කරන්නේ නැ.. අද තැපැල් සේවාව සම්පුර්ණයෙන්ම එළියට බැහැලා.. මේ හැම තැනකම 100%ක් සේවකයෝ එළියට බැහැලා..

ඊයේ රැ කුමන්ත්‍රණය කරලා අර නිශ්ශංක සේනාධිපති කියන මිනිහයි,මේ රටේ සම්පුර්ණයෙන්ම ධනය හොරා කාපු ඊයේ කුමන්ත්‍රණ කරලා දුම්රිය වැඩවර්ජනය කඩාකප්පල් කරන්න හැදුවා.. ම

ෙන්න මේක නිශ්ශංක සේනාධිපතිලා දැනගන්න තමුසේලාගේ කාලේ ඉවරයි..

තමුසේලා ගිය සැරේ බේරුණාට එන සැරේ බේරෙන්නේ නැති බව දැනගන්න.. සේනාධිපතිලාගේ මුදල් වලට මේ රට යටවුණු කාලය අවසන්. රාජපක්ෂලාගේ මුදලට, බලයට මේ රට යටවුණු කාලය අවසන්.. දැන් ජනතා බලයට මේ රට යටවී හාමරයි. සෞඛ්‍ය සේවාව අපි තීනුදු කලා වැඩ වර්ජනයට සහභාගී කරගන්නේ නැහැ කියලා. ඉතිං අපි කරන මේ වැඩවර්ජන කඩාකප්පල් කරන්න බැ එක එකාගේ මුදල් වලට.. අපි එන මාසේ 3 වැනිදාට අපි පෙන්වනවා බහුතරය කාටද කියලා.. ඊටපස්සේ මේ ආණ්ඩුවම ගෙදර යවලා අපි පෙන්නවා එන සතිය ඇතුළතදී.."